SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ඉන්දියා ක්‍රිකට් තරඟාවලියක් ජූලි මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සුදානම්

SL vs India Tournament
Sri Lanka vs India Tournament Source: Sri Lanka Cricket

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: Sri Lanka Cricket


Skip to article content

ටෙස්ට් තරග 3 කින්, එක්දින තරග 5 කින් සහ 20 යි20 තරග දෙකකින් සමන්විත සම්පූර්ණ තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පිල ලබන ජූලි මස 19 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කොට සිටි. තරගාවලිය ස්ථිර වී ඇති බවත් තරග පැවැත්වෙන දින ඉදිරියේදී ප්‍රකාශයට පත්කර බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසා සිටි.

 ටෙස්ට් තරග තුන පිළිවෙළින් ගාල්ල, එස්.එස්.සී. සහ පල්ලෙකැලේ යන ක්‍රීඩාංගණවලදීද, එක්දින තරගාවලිය පිලිවෙලින් දඹුල්ල, පල්ලෙකැලේ සහ R ප්‍රේමදාස යන ක්‍රීඩාංගණ වලදීද පැවැත්වෙයි. සංචාරයට ඇතුළත් 20 යි 20 තරග දෙක ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟ වශයෙන් පැවැත්වීමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now