Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වීදුරු බින්දේ බංග්ලාදේශ නායකයා බව හෙළිවේ.

Shakib Al Hasan smashed dressing room glass during Nidahas Trophy

Source: Twitter

පසුගිය මාර්තු 18 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී අවසන් වූ නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරඟාවලියේදී මාර්තු 16 දින පැවති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ සිදුවූ උණුසුම් වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ වීදුරු කුඩු කිරීම බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විසින් සිදු කළ බව Hindustan Times පුවත්පත වාර්තා කරයි.

මේ පිළිබඳ සිදුකළ විමර්ශන වලදී CCTV දර්ශන නැරඹීමෙන් සහ විවේකාගාර ආශ්‍රිතව සේවයේ නියුතු සේවකයින් ගෙන් ලද ප්‍රකාශ අනුව මේ තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, තරගය අවසානයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට සිදුවූ අලාභ හානි වලට වන්දි ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය කැමැත්ත පළ කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසා තිබේ.

මේ අතර බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ වීදුරු කුඩු කිරීම බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් විසින් සිදු කළ බව බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය පිළිගෙන තිබෙන බවද ඔහු පැවසීය.

අලාභ හානි වල ඇස්තමේන්තුව තවමත් සිදු කර නොමැති බවත් එම අගයන් ලද වහාම බංග්ලාදේශ ක්‍රිකට්‌ ආයතනය වෙත ඒ බව දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි පමුණුවමින් හැසිරුණු බංග්ලාදේශ නායක ෂකීබ් අල් හසන් ට සහ එදින අතිරේක ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කරමින් පිටිය මැද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නොමනා ලෙස බැන වැදුණු බංග්ලාදේශයේ Nurul Hasan ට තරග මුදලින් 25% ක දඩයකට යටත්වීමට සිදු විය.

නමුත් මෙතරම් පිරිහුණු හැසිරීමකදී මෙවන් සුළු දඬුවමක් පැනවීම සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින්ගේ පවා විවේචනයට ලක්ව තිබේ.


2 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now