Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවට වැඩිම පදක්කම් ලබා දෙමින් 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිමා වෙයි.

Gold Coast Commonwealth Games
Source: Press Association

සත්කාරක ඔස්ට්‍රේලියාවට සමස්ත ජය අත්කර දෙමින් 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (15/04) රාත්‍රීයේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවරදී නිමාවට පත් විය.

රන් පදක්කම් 80ක් සහ සමස්ත පදක්කම් 198 ක් සමගින් ඔස්ට්‍රේලියාව පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය හිමි කරගත් අතර, දෙවන ස්ථානය හිමි කරගත් එංගලන්තය රන් පදක්කම් 45ක් සමගින් සමස්ත පදක්කම් 136ක්ද, තෙවැනි ස්ථානය හිමි කරගත් ඉන්දියාව රන් පදක්කම් 26ක් සමගින් සමස්ත පදක්කම් 66ක් ද හිමි කරගන්නට සමත් විය.

ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී සමස්ත පදක්කම් 6ක් හිමි කරගත් අතර, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසය තුල ශ්‍රී ලංකාව මෙතෙක්  හිමි කරගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙස එය වාර්තා අතරට එක් විය.

මෙවර ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ හිමි වුයේ 31වැනි ස්ථානයයි .

Medal Standings of Gold Coast Commonwealth Games
Final Medal Standings of Gold Coast Commonwealth Games. Source: www.results.gc2018.com

මේ අතර ඊයේ රාත්‍රී පැවති සමාප්ති උත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගනයට ප්‍රවිෂ්ඨ වීම රුපවාහිනී ආවරණය මගින් ප්‍රදර්ශනය නොකිරීම මේ වන විට මතභේදයට ලක්ව ඇති අතර, එය සංවිධායකයින් අතින් සිදු වූ අත්වැරදීමක් බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංවිධායක කමිටු සභාපති Peter Beattie පවසයි.

ඒ සදහා තමන් සමාව ඇයද සිටින බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ පැවැත්වූ අසාර්ථකම සමාප්ති උත්සවය මෙය බවද බොහෝ ක්‍රීඩා ලෝලීන් සහ විචාරකයින් මේ වන විටත් සාමාජ ජාල ඔස්සේ මත පළ කරමින් සිටිති.

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022 වසරේ එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතය.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now