SKIP TO MAIN CONTENT

ඉන්දියාව අවසන් පන්දුවේදී ආසියානු කුසලානය ඩැහැ ගනී.

Asia Cup 2018
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

බංග්ලාදේශය හා ඉන්දියාව අතර ඊයේ (28/09) පැවති 2018 ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් කඩුලු 3 ක තියුණු ජයක් අත්කරගන්නට ඉන්දියාව සමත් විය.

කාසියේ වාසිය දිනු ඉන්දියාව, බංග්ලාදේශයට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා  කළ අතර බංග්ලාදේශය පන්දු වාර 48 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.

බංග්ලාදේශයේ ආරම්භක පිතිකරුවූ ලිටන් දාස් ලකුණු 121 ක් ලබා ගැනීම එහිදී කැපී පෙනුණු සිදුවීමකි.

ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියානු කණ්ඩායමට ප්‍රථමයෙන් එය පහසු ඉලක්කයක් වූ නමුදු 37 වන පන්දු වාරයේ සිට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉන්දියානු පිතිකරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල කළේය.

ඉන්දීය පිලේ ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 5 තුළදී ලකුණු 26 ක් ලබාගත යුතුව තිබු අතර කඩුලු 5 ක් ඔවුන් අත විය. පසුව එය ඕවර 3 කදී ලකුණු 13 ක් දක්වාත් අවසන් ඕවරයේදී ලකුණු 6 ක් දක්වාත් වෙනස් විය.

කෙසේවෙතත්, ඉන්දියානුවන් කඩුලු 3 ක් අතැතිව අවසන් පන්දුවේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් 2018 ආසියානු කුසලානය හිමි කරගත්තේය.

ඉන්දියාව මේ වන විට ආසියානු කුසලාන 6 කට හිමිකම් කියයි.

තරගයේ වීරයා සම්මානය බංග්ලාදේශයේ ලිටන් දාස් හට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය ඉන්දියාවේ ශිකර් ධවාන් හට හිමිවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now