අප්‍රේල් පළමුවන දා සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක නව දේශීය ආදායම් බදු පනතින් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගෙන් හා විදෙස් රැකියාවල නිරත ශ්‍රමිකයින් එවන මුදල්වලින් බදු ගැනීමට යන බවට පැතිර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (අප්‍රේල් 02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමත්‍ය වරයා මේ බව සදහන් කළේය.
මෙම නව බදු පනත මගින් ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය පවතින විෂමතා ඉවත් කොට සාධාරණ බදු ක්‍රමයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය වරයා මෙහිදී සදහන් කළේය.
දැනට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 82%කට වක්‍ර බදු ගෙවීමට සිදුවී ඇති අතර සෘජු බදු ගෙවන්නේ සියයට 18%ක් පමනක් බවද මෙහිද අමාත්‍යවරයා පෙන්වා දුන් වැදගත් කරුණක්.
නව බදු පනත මඟින් සෘජු බදු ආදායම් ප්‍රතිශතය සියයට 40% දක්වා වැඩි කිරීම අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
නව සෘජු බදු මඟින් මේ වසරේ දෙවැනි හා තුන්වැනි කාර්තුවලදී රුපියල් බිලියන 30ක බදු ආදායමක් අපේක්ෂා කරන බව වැඩි දුරටත් වාර්තා වෙයි.

