SKIP TO MAIN CONTENT

පා පන්දු පිස්සන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් බෙල්ජියම සහ ප්‍රංශය අවසන් පූර්ව වටයට.

FIFA World Cup 2018
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

රුසියාවේ මේ දිනවල පැවැත්වෙන 2018 පා පන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (06/07) අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ විය.

ඒ අනුව ප්‍රංශය සහ උරුගුවේ මෙන්ම බ්‍රසීලය සහ බෙල්ජියමද ඊයේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා මුහුණ දුන්නේය.

එයින් ප්‍රංශය සහ බෙල්ජියම ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබුවේය.

FIFA World Cup 2018
Source: rueters

ප්‍රංශය - උරුගුවේ

ප්‍රංශය සහ උරුගුවේ අතර ඊයේ පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ප්‍රංශය ගෝල 2-0 ක් ලෙස උරුගුවේ රාජ්‍යය පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබුවේය.

බ්‍රසීලය - බෙල්ජියම

කොයි කවුරුත් බලාපොරොත්තු තබා සිටි බ්‍රසීලය ඊයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ඉවත් කර දැමීමට බෙල්ජියම සමත් විය.

ඒ ගෝල 2-1 ක් ලෙසිනි.

FIFA World Cup 2018
Source: SBS

අද (07/07) දිනයේදී රුසියාව සහ ක්‍රොයේෂියාව ද එංගලන්තය සහ ස්වීඩනයද අර්ධ අවසන් පූර්ව තරග සඳහා මුහුණ දීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now