SKIP TO MAIN CONTENT

දකුණු චීන මුහුදේ දී ඔස්ට්‍රේලියානු යුධ නෞකා තුනකට චීන ආරක්ෂක අංශ වලින් දැඩි අභියෝග.

South China Sea Dispute
Source: Royal Australian Navy

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගෙවී යන අප්‍රේල් මස මුල් භාගයේදී දකුණු චීන මුහුදේ වියට්නාමය දෙසට ගමන් කළ ඔස්ට්‍රේලියානු යුධ නෞකා තුනකට චීන ආරක්ෂක අංශ දැඩි අභියෝග එල්ල කර ඇති බව වාර්තා වේ.

H-M-A-S Anzac, H-M-A-S Toowoomba සහ H-M-A-S Success යන නෞකා ත්‍රිත්වයට මෙසේ අභියෝග එල්ලවී ඇතැයි සඳහන්.

වියට්නාමයේ හෝචීමින් නගරය වෙත දින තුනක සුහද චාරිකාවක් වෙත ගමන් කරමින් සිටියදී දකුණු චීන මුහුදේදී චීන ආරක්ෂක අංශ විසින් මෙම ඔස්ට්‍රේලියානු නෞකා ත්‍රිත්වයට අභියෝග එල්ල වී ඇතැයි ABC පුවත් සේවය වාර්තා කරයි.

නමුත් ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් එම වාර්තා ප්‍රතික්ෂේප කරන අතර ඔස්ට්‍රේලියානු නාවුක හමුදාව කලාපයේ සිදු කරගෙන යන කටයුතු නොනවත්වා සිදු කරගෙන යන බවද පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now