SKIP TO MAIN CONTENT

තිසර ගේ පිටින් ලංකාව ගොඩ යයි.

Thisara Perera's all-round brilliance keeps SL alive
Source: AP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo


Skip to article content

ශ්‍රී ලංකා, බංග්ලාදේශ හා සිම්බාබ්වේ තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ 4 වන තරගය ලෙස ඊයේ (22/01)  පැවති ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ, ප්‍රථමයෙන් පන්දුවට  පහර දීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 44 කදී ලකුණු 198 කට සියල්ලන්ම දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 4 ක්ද නුවන් ප්‍රදීප් කඩුලු 3 ක්ද ලක්ෂාන් සඳකැන් කඩුලු 2 ක්ද බිඳ හෙළීය.

ජයග්‍රහණය සදහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 44 යි පන්දු 5 කදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 202 ක් ලබා තරගයේ ජය සනිටුහන් කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 49 ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්ද තිසර පෙරේරා නොදැවී ලකුණු 39 ක්ද නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 38 ක්ද ලබා ගත්තේය.

තරගයේ වීරයා සම්මානය තිසර පෙර්රා හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now