කම්කරු පක්ෂය
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජය ගතහොත් වික්ටෝරියානු ප්‍රාන්තය නැවත ආපසු අතට ගමන් කරනු ඇතැයි කම්කරු පක්ෂ නායක Bill Shorten පවසයි.
වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය එළඹෙන නොවැම්බර් 24 වන දින පැවැත්වීමට නියමිතය.
එය නිමිති කරගෙන කම්කරු පක්ෂය තම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය පසුගිය සති අන්තයේදී ආරම්භ කළේය.
"lead the way" යන තේමාව යටතේ පවුල් හිංසනය, මානසික සෞඛ්‍ය, පොදු ප්‍රවාහන සේවා සහ වික්ටෝරියානු ප්‍රාන්තයේ ආදී වාසී ජනයා සමග සංහිඳියාව යන ක්ෂේත්‍ර කෙරෙහි මෙවර කම්කරු පක්ෂයේ ප්‍රධාන අවධානය යොමුව තිබේ.
ලිබරල් පක්ෂයේ ප්‍රාන්ත අගමැති අපේක්ෂක Matthew Guy හට ප්‍රාන්ත අගමැති ධුරය හිමිවුවහොත් ප්‍රාන්තය ආපස්සට යනු ඇතැයි කම්කරු පක්ෂ නායක Bill Shorten පැවසීය.
කම්කරු පක්ෂය ඉදිරි වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය ජයගතහොත් වික්ටෝරියානු ප්‍රාන්තයට අමතර හෙදියන් 1,100 ක්ද ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට වැඩිපුර විශේෂඥ සෞඛ්‍ය සුරැකුම්ද ලබා දෙන බවත් ප්‍රජා රෝහල් 10 ක් අලුතෙන් හෝ අලුත්වැඩියා කර හෝ දෙන බවත් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
Paramedics හෙවත් අනුපූරක වෛද්‍ය සේවයේ උන්නතියක්ද කම්කරු රජයක් යටතේ උදාවෙන බවද ඔහු පැවසීය.

ලිබරල් පක්ෂය
ඉදිරියේදී පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලිබරල් පක්ෂය ජයගතහොත් බදු කප්පාදුවක්, ජනගහනය පාලනය කිරීමක් සහ ජීවන වියදම සඳහා සහන සැලසීමක් සිදු කරන බව ලිබරල් පක්ෂය පවසයි.
2018 වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණය නිමිති කරගෙන ලිබරල් පක්ෂය තම මැතිවරණ ප්‍රවර්ධන ව්‍යාපාරය ඊයේ දිනයේදී ආරම්භ කළේය.
ඒ සඳහා මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg සහ වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු ලිබරල් ප්‍රාන්ත අගමැතිවරුන් වන Jeff Kennett, Ted Baillieu සහ Denis Napthine ද සහභාගී වී සිටියහ.
වික්ටෝරියානු ප්‍රාන්තයට ස්ථාවර රජයක් ලබා දිය හැක්කේ ලිබරල් පක්ෂයට පමණක් බව ලිබරල් පක්ෂයේ ප්‍රාන්ත අගමැති අපේක්ෂක Matthew Guy පැවසුවේය.


