Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ටෙස්ට් වරම් ඉවත් කිරීමට සිදුවන බවට ICC යෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත රතු නිවේදනයක්.

Match Fixing
Source: Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට භයානක තත්ත්වයකට පැමිණ ඇති බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුවේ ප්‍රධානියා තමාට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ (03/10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය ඉරිදා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදි තරඟ පාවාදීම සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් වෙත ප්‍රබල අනතුරු ඇගවීමක් සිදුකර තිබේ.

ලොව ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරඟ පාවාදීම් සම්බන්ධ දූෂිතම රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇති බව අයි.සී.සී. බලධාරීන් දන්වා තිබේ.

අඛණ්ඩව මෙම තත්ත්වය පැවතියහොත් ටෙස්ට් වරම් ඉවත් කිරීමටත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන කපා හැරීමටත් සිදුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අනතුරු අඟවා තිබේ.

මේ අතර තරග පාවාදීම් සම්බන්ධව නීතිමය ක්‍රියා ගැනීමට ශ්‍රී ලංකාවේ නීති නොමැති බවත් ඒ සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළේය.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now