SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ලැව් ගිනි තත්ත්වය දිගින් දිගටම.

Queensland Fire
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඇතිවී ඇති ලැව් ගිනි තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැති බව වාර්තා වේ.

ලැව් ගිනි වලින් හානියට පත් ප්‍රදේශ වල සහ අවදානම් සහිත ප්‍රදේශ වල සිටි ජනතාව මේ වන විට ආරක්‍ෂිත ස්ථාන  යාමට හදිසි සේවා අංශ කටයුතු යොදමින් පවතී.

අද (29/11) අලුයම වන විට Campwin Beach, Sarina Beach සහ south of Mackay යන ප්‍රදේශ වල ජනතාවටද තම නිවෙස් අතහැර ආරක්‍ෂිත ස්ථාන කරා යන ලෙස ක්වීන්ස්ලන්ත පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

මේ වන විට එම ප්‍රදේශ වල කිසිදු පුද්ගලයෙකු හට හෝ නිවාසයකට හානි සිදුවී නොමැති බව ක්වීන්ස්ලන්ත ගිනි නිවන සහ හදිසි සේවා සහකාර කොමසාරිස් Gary McCormack පැවසීය.

මේ වන විටත් ගිනි නිවන භටයින් 100 කට අධික සංඛ්‍යාවක් ක්වීන්ස්ල්න්තයේ ලැව් ගිනි හටගත් ප්‍රදේශ වල ගිනි නිවීමේ කටයුතු වල යෙදී ඇති බවද වාර්තා වේ.

ඉදිරි දින කිහිපයේත් ක්වීන්ස්ල්න්ත ප්‍රාන්තයේ පවතින වියළි කාලගුණය සහ අධික සුළං සහිත තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි පැතිරීමේ අවදානම සම්පූර්ණයෙන් පහව නොයනු ඇති බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය පවසයි.

මධ්‍යම ක්වීන්ස්ල්න්තයේ පාසල් 40 ක් පමණ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය මත අද දිනයේ වසා ඇති බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now