SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2වන ටෙස්ට් තරගය - ශ්‍රී ලංකාව වාර්තා අලුත් කරමින් තරගාවලියම ජය ගනී.

SL vs Ban 2nd Test – Sri Lanka won the series by 1-0.
Source: AP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය දින 2 ක් ඉතිරිව තිබියදී ලකුණු 215 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (10/02) සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර සියල්ලන්ම දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 68 ක්ද රොෂේන් සිල්වා ලකුණු 56 ක්ද ලබා ගත්තේය.

ඉන් අනතුරුව බංග්ලාදේශය තම ප්‍රථම ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ව ලකුණු 110 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් සහ අකිල ධනංජය කඩුලු 3 බැගින්ද දිල්රුවන් පෙරේරා කඩුලු 2 ක්ද බිඳ හෙළීය.

දෙවැනි ඉනිම සඳහා ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 226 ක් ලබාගත් අතර රොෂේන් සිල්වා නොදැවී ලකුණු 70 ක් රැස් කර ගත්තේය.

ජයග්‍රාහී ලකුණු 338 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම කඩුලු 123 කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

එහිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල ධනංජය කඩුලු 5 ක්ද රංගන හේරත් කඩුලු 4 ක්ද දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක්ද බිඳ හෙළීය.

Akila Dananjaya celebrates a wicket on debut, Bangladesh v Sri Lanka, 2nd Test, Mirpur, 3rd day, February 10, 2018
Akila Dananjaya celebrates a wicket on debut, Bangladesh v Sri Lanka, 2nd Test, Mirpur, 3rd day, February 10, 2018 Source: AP

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5 ක් දවාගත් තෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වීමටද අකිල සමත් වූ අතර ඔහුට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එවන් දස්කමක් දක්වා තිබුණේ කෝසල කුරුප්පුආරච්චි සහ උපුල් චන්දන පමණි.

1986 වසරේදී කොළඹ සී.සී.සී. ක්‍රීඩාංණයේදී පාකිස්තානයට එරෙහිව කෝසල එම දස්කම දක්වා තිබුණ අතර චන්දන එම දස්කම දක්වා තිබුණේ 1999 වසරේදී බංග්ලාදේශයේ බංගබන්දු ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිවය.

තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද රොෂේන් සිල්වා හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now