ඔස්ට්‍රේලියාවේ ප්‍රියතම අගමැතිවරයා ලෙස වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් තවමත් ඉදිරියෙන්.

Scott Morrison's lead over Bill Shorten as preferred prime minister

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රියතම අගමැතිවරයා ලෙස වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison, විපක්ෂ නායක Bill Shorten ට වඩා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

Sydney Morning Herald සහ The Age පුවත් පත් විසින් මෙහෙයවූ නවතම මත විමසුමේදී මේ බව අනාවරණය වී තිබේ.

ඒ අනුව වත්මන් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison හට 45% ක ජනතා මනාපයක් ලැබී ඇති අතර විපක්ෂ නායක Bill Shorten ට 40% ක ජනතා මනාපයක් ලැබී ඇත.

නමුත් පසුගිය මාසයේ පැවති මත විමසුමේදී මොවුන් දෙදෙනා ගේ මනාපය අතර තිබූ වෙනස 11% කි.

මේ අතර ප්‍රධාන පක්ෂ දෙකට ලැබී ඇති ජනතා මනාපය අනුව කම්කරු පක්ෂය ලිබරල් සන්ධානයට වඩා තවමත් 4% කින් ඉදිරියෙන් සිටී.

කම්කරු පක්ෂයට 52% ක ජනතා මනාපයක්ද ලිබරල් සන්ධානයට 48% ක ජනතා මනාපයක්ද මෙවර හිමිව තිබේ.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now