SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2වන ටෙස්ට් තරගය - පළමු දිනයේදීම කඩුලු 14 ක් බිඳ වැටෙයි.

SL vs Ban 2018
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඊයේ (08/02)  ඩකා නුවරදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඊයේ දිනයේදී ම සියල්ලන්ම දැවී ලකුණු 222 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 68 ක්ද රොෂේන් සිල්වා ලකුණු 56 ක්ද ලබා ගත්තේය.

ඉන් අනතුරුව බංග්ලාදේශය තම ප්‍රථම ඉනිම ආරම්භ කළ අතර පළමු දිනය නිමා වන විට ඔවුන් කඩුලු 4 කට ලකුණු 56 ක් රැස් කර සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 2ක්ද දිල්රුවන් පෙරේරා එක් කඩුල්ලක්ද බිඳ හෙළීය.

අද (09/02) තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now