Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

රාජ්‍ය ඇමති වරයෙකු වීම රජයේ ලිපිකරුවෙකු වගෙයි : අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන්.

State Ministers like Government clerks: State Minister of Education V. S. Radhakrishnan

Source: SBS Sinhalese - Nadeka Daya Bandara

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පත් කිරීමට කටයුතු කළ තමන්ට ප්‍රතිපත්තියක් ලෙස ජනතා මෙහෙවරට අවස්ථාව දිය යුතු යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යධූර හිමිවූ අමාත්‍යවරුන්ට අමාත්‍යංශ ලිපිකරු ලෙස ක්‍රියා කළ නොහැකි බවත් ජනතාවට සේවය ලබා දීම සදහා අවස්ථාවක් හිමිවිය යුතු යැයි පෙරේදා  (11/11) මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැති උත්සවයකින් අනතුරුව ඒ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට  හිමිවූ අමාත්‍යධුරවල බලය පිළිබදව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ නමුත් මේ දක්වා විසදුමක් නොලැබුණු බව කී ඒ මහතා කිසිදු අයුරකින් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් බලය ලබා ගැනීම සදහා ආණ්ඩුවේ සිටිමින් අරගල කරන බවත් කීවේය.

ආණ්ඩුව බලයට පත් කිරීම සදහා දෙමළ පක්ෂවලින් ඉවත්වූ පළමුවැන්නා තමන් බවත් ඒ නිසා ආණ්ඩුවෙන් ඉවත්වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් කී රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා මෙසේද  ප්‍රකාශ කළේය.

"දෙමළ ප්‍රගතිශ්‍රීලී සන්ධානයේ හය දෙනෙක් ආණ්ඩුවේ ඉන්නවා. අපි ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නැහැ. ඉදිරි මැතිවරණයේදී කුමන පක්ෂයකින් තරග කරන්නේ ද යන්න අප තවම තීරණය කර නැහැ. නමුත් ඉදිරි 14 වන දින කොළඹදී පැවැත්වෙන රැස්වීමේදි අප එය තීරණය කරනවා.

ආණ්ඩුව ඉදිරිපත් කළ අය වැයේ සියල්ල නිවරැදි යැයි කියන්න බැහැ. අපේ අවශ්‍යතා අපි පාර්ලිමේන්තුවේදි ඉදිරිපත් කරනවා. අතේ තුවාලයක් වුණා කියලා අත කපලා ඉවත් කරන්න බැහැ. තුවාලය සනීප කර ගැනීමට කටයුතු කළ යුතුයි. පවතින ප්‍රශ්නයට විසදුම් ලැබෙනවා නම් අපි ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා."


2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now