SKIP TO MAIN CONTENT

පාස්කු ඉරිදා පිපිරීම් සිද්ධි මාලාවට සම්බන්ධ බොහෝ පූර්ව සූදානම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතෙන් : ආණ්ඩුකාරවරයාගෙන් හෙළිදරව්වක්

Maithri Gunaratne_Governor general of Central province - Sri Lanka
Maithri Gunaratne_Governor general of Central province - Sri Lanka

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පාස්කු ඉරිදා පිපිරීම් සිද්ධි මාලාවට සම්බන්ධ බොහෝ පූර්ව සූදානම් සිදුව ඇත්තේ මධ්‍යම පළාතෙන් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. මෙම බෝම්බ ප්‍රහාරයන් සඳහා සියලු මුස්ලිම් ප්‍රජාව සම්බන්ධ නොවුණත් ඉතාමත්ම සුළු අන්තවාදීන් පිරිසක් සම්බන්ධ බවත් ඔවුන් මර්ධනය කිරීම සදහා මේ අවස්ථාවේ සිටම කටයුතු කළ යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ ආරක්ෂක සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

යම් ප්‍රහාරයක් පිළිබඳව පූර්ව අනතුරු හැඟවීමක් කර ඇති නමුත් එය ක්‍රියාවට නොනැංවීම පිළිබඳව පොලිස්පතිවරයා වගකිව යුතු යැයි කී ආණ්ඩුකාරවරයා මෙසේ ප්‍රකාශ කළේය.

"පොලිස්පතිවරයා වගකීම භාරගත යුතු නමුත් ඔහු ඊට වගකියන්නෙත් නැහැ, එමෙන්ම තනතුරෙන් ඔහු ඉවත් කරන්නෙත් නැහැ. මේ තුළින් සිදුවන්නේ රට තවදුරටත් අස්ථාවර භාවයට පත්වීමයි. පොලිසිය සඳහා බුද්ධිමය තොරතුරු ලබා දෙන්නේ සාමාන්‍ය ජනතාව නොව පොලිසියට සම්බන්ධ බුද්ධිමය නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් ලබාදෙන තොරතුරු පොලිස්පතිවරයාට ලැබෙන අතර ඔහු විසින් ජනාධිපති, අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා හා ත්‍රිවිධ හමුදාව දැනුවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති නම් වහා ක්‍රියාත්මක වී ඔහු රට වෙනුවෙන් අවශ්‍ය ක්ෂණික තීරණ ගත යුතුයි.


 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසුයේ ශ්‍රී දළදා මාලිගාව, ක්‍රිස්තියානි සිද්ධස්ථාන ඇතුළුව මහනුවර නගරයේ සියලුම ආගමික ස්ථානවල ආරක්ෂාව මේ වන විට තහවුරු කර හමාරයි. එසේම කඳුකරයේ විදුලි බලාගාර, ජල මූලාශ්‍ර ආදිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඔහු පැවසුවේය.


 

අන්තවාදීන්ට කිසිදු ඉඩක් ලබා දීමට අවස්ථාව නොදෙන බව කී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කළු ඇදුමින් සම්පූර්ණයෙන්ම ඇඟ වසාගෙන යන සංස්කෘතිය තහනම් කිරීමට අවශ්‍ය යෝජනාවක් ගෙන එන බවද සඳහන් කළේය.

** SBS සිංහල සේවයේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර මහනුවර සිට සැපයූ  තොරතුරු ඇසුරිනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now