SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේ යෝජිත නව ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය පිළිබඳ ආගමන කටයුතු ඇමතිගෙන් නව හෙළිදරව්වක්.

Australian Citizenship changes
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේ යෝජිත නව ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය පිළිබඳ ආගමන කටයුතු ඇමතිගෙන් නව හෙළිදරව්වක්.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීම පිළිබඳ ලිබරල් සන්ධාන රජය විසින්  පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කෙරුණු පනත් කෙටුම් පත පිළිබඳ ඊයේ දිනයේද (21/06) කැන්බරා පාර්ලිමේන්තුවේ උණුසුම් විවාද හට ගත්තේය.

ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීමේ යෝජිත නව ක්‍රම වේදය යටතේ ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය පිළිබඳ එහිදී වැඩි කතාබහක් සිදු විය.

කම්කරු පක්ෂය ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනා ඒ පිළිබඳ වැරදි අවබෝධයකින් පසුවෙන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton  පැවසුවේය.

ඔස්ට්‍රේලියානු රජය එහිදී අපේක්ෂා කරනු ලබන්නේ  "academic" English හෙවත් ශාස්ත්‍රීය ඉංග්‍රීසි නොව  "general training" හෙවත් සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම බවද ඔහු අවධාරණය කළේය.

නමුත් රජයේ මෙම වෙනස්කම් හේතුවෙන් කැබිනට් අමාත්‍යවරුන් අසමත් වීමේ අවධානමක් ඇති බව විපක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී  Anthony Albanese, Sky  පුවත් වෙත පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now