වසර 2020 දී විශ්‍රාම යාමට ප්‍රථම රට වෙනුවෙන් කිරීමට විශාල වැඩ කොටසක් ඇති බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
මඩකලපුව චෙන්කලඩි ක්‍රීඩාංගණයේ ඊයේ (07/05) පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

‘සමහරු මගෙන් අහනවා 2020 දී විශ්‍රාම යනවාද කියලා . සමාජ වෙබ් අඩවි වලත් ඒක යනවා. ඒත් මට 2020 විශ්‍රාම යන්න කලින් කරන්න වැඩ බොහෝමයක් තියෙනවා. අවංක දේශපාලනඥයෝ ලංකාවේ කීයක් ඉන්නවද? හොරකම් කරපු නැති කී දෙනෙක් ඉන්නවද? සමහරු 2020 දී බලයට එන්න හීන දකිනවා. ඒත් නිසි වැඩපිළිවෙලක් නැහැ. දේශපාලන ලෝකේ සුරංගනා සිහින දකින අය ලංකාවේ ජනතාවගේ ප්‍රශ්න තේරුම් අරං නැහැ. මේ අය රටේ දුප්පත් ජනතාවගේ හැගීම් තේරුම් ගන්න ඕනි. දේශපාලන නාඩි වැටෙන හැටි තේරුම් ගන්න ඕනි .සුරංගනා ලෝක ගැන ගොඩක් දෙනාට කතා කරන්න, හීන දකින්න පුළුවන්. දුප්පත් ජනතාව ගැන ඒ අයට කැක්කුමක් නෑ." යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් අදහස් දැක්වීය.

