වඳ සැත්කම් කල බවට චෝදනා නැගී ඇති වෛද්‍යවරයා සහ අමාත්‍ය බදියුදීන් පිළිබද ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන මන්ත්‍රී විමල් වීරවංශ ගෙන් හෙළිදරව්වක්

MP Wimal Weerawansha met Malwathu- Asgiri vihara

MP Wimal Weerawansha met Malwathu- Asgiri vihara Source: SBS Sinhala

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (මැයි 28) පෙරවරුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සාකච්චා කිරීම සඳහා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක ස්වාමීන්වහන්සේලා බැහැදුටුවේය.

එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ දිනවල මහත් ආන්දෝලනයට තුඩුදී ඇති වඳ සැත්කම් සිදුකළ බව කියන කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා පිළිබඳව සිදුවන පරීක්ෂණ පිළිබඳව වැදගත් කරුණු රාශියක් මෙසේ ප්‍රකාශ කොට සිටියේය.

"....වඳ සැත්කම් සිදුකළ බව කියන කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම කෙසේ වෙතත් ඔහු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට යන බවක් දක්නට ලැබෙනවා. එම පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කොට වෛද්‍යවරයා නිදහස් කිරීමට දේශපාලනඥයන් උත්සාහ කරන බවටයි මේ වන විට අපට තොරතුරු ලැබී තිබෙන්නේ. එම පුවත වාර්තා කළ මාධ්‍යවේදීන්ට පවා අද චෝදනා නැගෙනවා. රට පත්වෙලා තිබෙන තත්ත්වයෙන් ගොඩ නැගීම සඳහා මහා සංඝරත්නයේ උදව් උපකාර අද අවශ්‍යයි. අප කාදිනල්තුමා හමු වූ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළේ අස්ගිරි සහ මල්වතු මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ඉදිරියේ දී කළ යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කරන බවයි.

මහා සංඝරත්නයේ මඟ පෙන්වීම සිදු නොවුණොත් මේ රට අයාලේ යන පුළුවන්. මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය මත, රටේ පවතින තත්ත්වය දැන් සාමකාමී බවත්, පරික්ෂා කිරීම් කරන්න අවශ්‍ය නොමැති බවත් දැන් හදිසි නීතියක් අවශ්ය නැහැ, යුද හමුදාව ඉවත් කර ගත යුතු යැයි ප්‍රකාශ කරන්න ආණ්ඩුව සූදානම් බවක් අපට දැනගන්නට තිබෙනවා.

ලංකාව ගෝලීය ත්‍රස්තවාදයේ ගොදුරක් යැයි කියමින් ඇමෙරිකානු හමුදා නිලධාරීන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට බලධාරීන් උත්සාහ කරනවා. හදිසි තත්වයක් යටතේ ඇමරිකානු හමුදාවට ශ්‍රී ලංකාවට පැමිණිය හැකි නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ද රජය සූදානම් වෙනවා. තානාපති මුක්තිය යටතේ ශ්‍රී ලංකාවට අවි ආයුධ සහිතව ප්‍රවේශ වීමේ හැකියාව ද ඔවුන්ට හිමි වේවි. ශ්‍රී ලංකාවේ ඉඩම් අක්කර ලක්ෂ ගණන් බාහිර පාර්ශවයන්ට අත්පත් කරගත හැකි නීතිවලින් යුතු නව ක්‍රමයක් ඔවුන් උදාකර දීමට සූදානම් වෙනවා. ඒ සදහා යෝජිත ගිවිසුම් තුනක් පිළිබඳව කරුණු අනාවරණය වෙලා තිබෙනවා. මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අප ඉල්ලා සිටියා. නමුත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මේවා තවමත් සාකච්ඡාව වෙමින් පවතිනවා මිස ගිවිසුම් නොවන බවයි. මේ ගිවිසුම් විනිවිදභාවයෙන් යුක්ත නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි විය යුතුයි. නමුත් සියලු ගිවිසුම් රහසිගතව ක්‍රියාත්මක කිරීමටයි ආණ්ඩුව සූදානම් වන්නේ. අත්සන් කළාට පසු ගිවිසුම පෙන්වීමෙන් අපට ඇති පලක් නැහැ.

මෙහිදී තවදුරටත් අදහස් දක්වා සිටි මන්ත්‍රී විමල් විරවංශ මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පිළිබඳවද මෙලෙසින් අමහනායක හිමිවරුන් අමුවේ මෙසේ තම අදහස් පලකොට සිටියේය....

"....රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි යැයි බියක් වත්මන් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසයි ඔවුන් අමාත්‍ය රිෂාඩ් ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් යම් පසුබසින ස්වභාවයක් දක්වන්නෙ. රිෂාඩ් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ දී ආණ්ඩුවේ මන්ත්‍රීවරු විරුද්ධ වුවහොත් ඉන් පසුව ජවිපෙ විසින් ගෙන එන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයේ දී ආණ්ඩුවට රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ සහාය නොලැබෙනු ඇතැයි වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු බිය පළ කරනවා. එසේ වුවහොත් ඔවුන්ට තනතුරු අහිමි වේ යයි ඔවුන් බියට පත්ව සිටිනවා .

රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා සතුව ඉන්නේ මන්ත්‍රීවරු හයක් නම් එම මන්ත්‍රීවරුන්ට සමාන ප්‍රමාණයක් අපෙන් ඉදිරිපත් කොට රජයට එරෙහි විශ්වාසභංගයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ,ඔවුන් නිශ්ක්‍රීය කරවීමට අපි සූදානම්. එවැනි අවස්ථාවක් යටතේ එත්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට හෘද සාක්ෂියට එකඟව රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ හැකියි. එවිට ඔවුන්ගේ ආණ්ඩුව හෝ තනතුරු අහිමි වන්නේ නැතැයි..." ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා මල්වතු පාර්ශවය මහනායක හිමියන් සමග සඳහන් කළේය.

 

** SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ  තොරතුරු ඇසුරිනි....

 

.
. Source: SBS Sinhala


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now