SKIP TO MAIN CONTENT

රනිල්ව එපා කියූ ශ්‍රීලනිප 16 ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙයි.

16 SLFP MPs quit SL National Government.
Source: SLFP

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව  පසුගිය අප්‍රේල් 04 වන දින ගෙනා විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ඊයේ (11/04) දිනයේදී බාර දුන් බව ද වාර්තා වේ.

මේ අනුව සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක, ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක, සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ නියෝජ්‍ය කතානායක ලෙස  කටයුතු කළ තිලංග සුමතිපාල තම ඉල්ලා අස්වීමේ ලිපි බාර දී තිබේ.

කෙසේ නමුත් මෙසේ ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now