SKIP TO MAIN CONTENT

පන්දුව පළුදු කිරීමේ චෝදනාව : චන්දිමාල් ඔස්ට්‍රේලියාව කොපි කළාද?

Chandimal suspended for one Test.
Source: Flickr

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුඳු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්  ක්‍රියාව සඳහා වරදකරු බවට ජත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි.

ඒ අනුව ඔහුට ටෙස්ට් තරඟයක තහනමක් පනවා ඇති අතර පැවති දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා නායකයාට හිමිවිය යුතු මුදලින් සියයට සියයක්ම කපා හැර තිබේ.

 

මේ අනුව කොදෙව්වන් සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව චන්දිමාල්ට අහිමිවනු ඇති බව වාර්තා වේ.

එසේම මෙම චෝදනාවට විරෝධය දැක්වීම වෙනුවෙන් දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පැය 2 ක ප්‍රමාද වීමකින් පිටියට පිවිසීම නිසා එහි වරද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කරු සහ කළමනාකරු අසංක ගුරුසිංහ යන අයවලුන් වෙනුවෙන්ද විනය ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කොට සිටි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now