SKIP TO MAIN CONTENT

මෙල්බර්න් ගිහින් ලංකාවට ආවේ රැඩිකල් වුනු මල්ලියෙක් : ත්‍රස්ත ප්‍රහාරකයෙකුගේ සොයුරිය කියයි

Sri Lanka attacks
Source: Daily Mirror

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධවූ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි බවත් ඔහු ඔස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ වෙනස්ම අදහස් ඇති පුද්ගලයෙකු ලෙස බවත් ඔහුගේ සොයුරිය සම්සූල් හිදායා මාධ්‍ය වෙත පවසා තිබේ.

Abdul Lathief Jameel Mohamed නැමති එම මරාගෙන මැරෙන බෝම්බකරු 2009 - 2013 අතර සමයේ මෙල්බර්න් නුවර Swinburne විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා ඇති බව The Australian පුවත්පත වාර්තා කාරයි.

ඉස්ලාම් අන්තවාදී සංවිධාන සමග Abdul Lathief Jameel ගේ සෘජු සම්බන්ධකම් ඇති බවට වසර 2014 දී තොරතුරු ලැබී ඇති බවත් වැඩි දුර වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර තම සොයුරා සාමාන්‍ය ගති පැවතුම් සහිත පුද්ගලයෙකු වූ නමුත් ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි පසු ඔහු දැඩි ආගමික මත ධාරියෙකු වූ බවත් ඔහුගේ හැසිරීම් වල ප්‍රධාන වෙනස්කම් දක්නට ලැබුණු බවත් Abdul Lathief Jameel ගේ සොයුරිය සම්සූල් හිදායා Daily Mail පුවත්පතට පැවසුවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now