SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 2වන එක් දින තරගය : දුර්වල පිතිකරුවෝ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 113 ක දැවැන්ත පරාජයක්.

Sri Lanka tour of South Africa
Source: AFP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් සමන්විත එක් දින තරගාවලියේ ඊයේ (06/03) පැවති දෙවැනි එක් දින තරගයෙන් ලකුණු 113 ක දැවැන්ත ජයක් අත් කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු පිළට ආරාධනා කළේය.

එහිදී දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවන් තිදෙනා ඉතා හොඳ ආරම්භයක් දකුණු අප්‍රිකාවට ලබා දුන් අතර ඔවුන් පහසුවෙන් ලකුණු 300 ඉලක්කය පසු කරන බවක් පෙනෙන්නට තිබුණි.

නමුත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ආක්‍රමණ ශීලී පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 251 කට සීමා විය.

දකුණු අප්‍රිකාව වෙනුවන් Quinton de Kock ලකුණු 94 ක්ද නායක du Plessis ලකුණු 57 ක් ද  ලබාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් තිසර පෙරේරා කඩුලු 3 ක්ද නායක ලසිත් මාලිංග සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින්ද ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ඇරැඹු ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 138 ක් පමණි.

ශ්‍රී ලංකා පිළේ දුර්වල පිතිකරණය මෙවරත් කැපී පෙනුණු අතර ඒ හේතුවෙන් ලකුණු 113 ක දැවැන්ත පරාජයකට උරුමකම් කීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

තරගයේ වීරයා සම්මානය දකුණු අප්‍රිකාවේ Quinton de Kock හට හිමිවිය.

මෙම තරගයේ ජයත් සමග දකුණු අප්‍රිකාව 2-0 ක් ලෙස තරගාවලියේ මේ වන විට ඉදිරියෙන් සිටියි.

දෙරට අතර පැවැත්වෙන තුන්වන එක් දින තරගය මාර්තු 10 වන දින පැවැත්වීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now