හෙට (29 දා) පැවැත්වෙන AFL අවසන් මහා තරගයේ වැඩි වාසි කාටද?

Jack Darling kicks a goal during the Second Qualifying Final.

West Coast forward Jack Darling will be a crucial player in the AFL grand final against Collingwood (AAP) Source: AAP

 2018 AFL තරගාවලියේ අවසන් මහා තරගය හෙට (29 සෙනසුරාදා)  MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.   මෙවර AFL අවසන් මහා තරගය පැවැත්වෙන්නේ Collingwood Magpies සහ West Coast Eagles කණඩායම් අතරයි. මෙම තරගය මෙල්බර්න් නුවරදී පැවැත්වෙන නිසා Collingwood කණ්ඩායමට යම් වාසියක් ඇති බව ප්‍රකාශ වුවත් මෙවර තරගාවලිය තුල දෙවතාවක් Collingwood කණඩායම West Coast Eagles කණ්ඩායම හමුවේ පරාජයට පත් වී ඇති නිසා වැඩි වාසි West Coast කණ්ඩායම සතු බව සමහරක් විචාරකයින්ගේ මතය වී තිබේ.

 

West Coast Eagles කණ්ඩායම අවසන් වතාවට AFL ශුරතාවය හිමි කරගෙන ඇත්තේ 2006 වසරේ වන අතර, Collingwood කණඩායම 2015 වසරේ අවසන් වතාවට AFL ශුරතාවය හිමි කරගන්නට සමත් විය.

 

1892 ආරම්භ වී ඇති Collingwood ක්‍රීඩා සමාජයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, තරගාවලි 15කදී මීට පෙර ඔවුන් ශුරතාවය හිමි කරගන්නට සමත්වී තිබේ. පර්ත් නුවර කේන්ද්‍ර කරගත් West Coast කණ්ඩායම 1986 වසරේදී AFL තරගාවලියට එක් වන අතර මීට පෙර දෙවතාවක් ඔවුන් තරගාවලියේ ශුරතාවය හිමි කරගන්නට සමත් වී තිබේ.

 

West Coast Eaglesපුහුණු කරු  Adam Simpson 2014 වසරේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් වීමෙන් පසු ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවන වතාව මෙය වන අතර 2015 අවසන් මහා තරගය පරාජය වුවද එම අත්දැකීම් සමගින් මෙවර අවසන් මහා තරගය ජය ගත හැකි වනු ඇති බව West Coast Eaglesපුහුණු කරු  Adam Simpson වැඩි දුරටත් සදහන් කරයි.

 

හෙට පැවැත්වෙන ඇෆ්ල් අවසන් මහා තරගයට පෙර පැවැත්වෙන සම්ප්‍රදායික  පාගමන (Grand Final Parade) අද දිනයේදී මෙල්බර්න් නුවරදී පැවැත්වෙන අතර හෙට MCG ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අවසන් මහා තරගයට ලක්ෂයකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සහභාගීවනු වනු ඇති බව තරග සංවිධායකයින්ගේ බලාපොරොත්තුව වී තිබේ.


Share

Published

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
හෙට (29 දා) පැවැත්වෙන AFL අවසන් මහා තරගයේ වැඩි වාසි කාටද? | SBS Sinhala