උසේන් බෝල්ට් ඔස්ට්‍රේලියානු පාපන්දු පිටියට ?

31 හැවිරිදි උසේන් බෝල්ට් මේ මාසයේ සිට සති හයක අත් හදා බැලීමේ කාලයකට යටත්ව ඕස්ට්‍රේලියානු Central Coast Mariners පාපන්දු කණ්ඩායම සමගින් එක් වීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් එක් තරග වාරයක් සදහා ඔහු එම පාපන්දු ක්‍රීඩා සමාජය සමගින් එක්වීමට නියමිතයි.

Usain Bolt

Source: Getty Images

අට වතාවක් ඔලිම්පික් පදක්කම් හිමි කරගන්නට සමත්වූ ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් අත්හදා බැලීමක් වශයෙන් ඕස්ට්‍රේලියානු A -ලීග් පාපන්දු තරගාවලියට එක් කරගැනීමට ඕස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩා සමාජයක් අවධානය යොමු කර ඇති බව සදහන්.

31 හැවිරිදි උසේන් බෝල්ට් මේ මාසයේ සිට සති හයක අත් හදා බැලීමේ කාලයකට යටත්ව ඕස්ට්‍රේලියානු Central Coast Mariners පාපන්දු කණ්ඩායම සමගින් එක් වීමට නියමිත අතර, එය සාර්ථක වුවහොත් එක් තරග වාරයක් සදහා ඔහු එම පාපන්දු ක්‍රීඩා සමාජය සමගින් එක්වීමට නියමිතයි.

උසේන් බෝල්ට් Central Coast Mariners පාපන්දු කණ්ඩායම සමගින් මුලික ගිවිසුමකට එලබීමට කැමැත්ත පළකර ඇති බව බෝල්ට්ගේ ඒජන්ත වරයාද ස්ථිර කර ඇති බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

Usain Bolt during a friendly soccer match between a selection of French 1998 World Champion soccer players against an international selection.
Usain Bolt during a friendly soccer match between a selection of French 1998 World Champion soccer players against an international selection. Source: AAP

උසේන් බෝල්ට් මීට පෙර ආධාර එක් රැස් කිරීමට පැවැත්වෙන ප්‍රදර්ශන පාපන්දු තරග වලට සහභාගී වී ඇති අතර ඊට අමතරව ජර්මානු සහ නොර්වේ හී පාපන්දු ක්‍රීඩා සමාජ කීපයක් ඔහු අත්හදා බලා ඇති බව සදහන්. තරගකාරී ලෙස උසේන් බෝල්ට් Central Coast Mariners කණ්ඩායමට එක් වන්නේ නම් ඔහුගේ වැටුපෙන් සියයට 70ක් ගෙවීමට ක්‍රීඩා සමාජයේ හිමිකරු කැමැත්ත පලකර ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.

Central Coast Mariners කණ්ඩායම මීට පෙර දෙවතාවක් A ලීග් ශුරතාවය හිමි කරගෙන ඇති අතර, පසුගිය තරග වාරයේ ඔවුන් තරගාවලිය නිමාවට පත් කලේ ලකණු සටහනේ අවසන් ස්ථානයේ සිටිමින්.

(ABC සහ BBC වෙබ් අඩවි ඇසුරෙන් )


2 min read

Published

Updated

By Sanjaya Dissanayake


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now