SKIP TO MAIN CONTENT

සිල් රෙදි බෙදීම සිදුවුණේ මැතිවරණ සමයක නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සිදුකරන ලද්දක් බවත් මහින්ද කියයි (වීඩියෝ සහිතයි)

foirmer SL president Mahinda Rajapaksha
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

සිල් රෙදි නඩු තීන්දුවේ දඩ මුදල ගෙවීම සදහා රජයෙන් ලැබුණු සිල්රෙදි යළි ලබාදීමට මව්වරුන් සූදානම් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මල්වතු මහ විහාර පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බුද්ධගයා විහාරය හා බූවැලිකඩ ශ්‍රී වර්ධනාරාමාධිපති පුජ්‍ය වල්ගොව්වාගොඩ විමලබුද්ධි හිමියන්ගේ 76 වන ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීමේ ජය පිරිත් දේශනය හා වෛද්‍ය සායනය පිළිමතලාව, ඉළුක්වත්ත ශ්‍රී ලංකා බුද්ධගයා විහාරස්ථානයේදී සිදුවිය.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන්ගේ මුලසුන යටතේ පැවැති උත්සවයේදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා, සිල් රෙදි බෙදීම සිදුවුණේ මැතිවරණ සමයක නොවන බවත් එය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව සිදුකරන ලද්දක් යැයි කීවේය.

රජයේ තීන්දු අනුව සිල් රෙදි බෙදීමත් වරදක් නම්, රාජ්‍ය සේවකයන්ට ගැටලු රැසක් මතුවන බව කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"....යුද්ධය සමයේදී අපේ මව්වරු තම දරුවන් හමුදාව වෙත භාර දුන්නා. ඒ දරුවන්ට ආශිර්වාද කළේ මහා සංඝරත්නයයි. ඔවුන් දිරි ගැන්වීම සදහා මහා සංඝරත්නය විවිධ ක්‍රියාමාර්ග ගත්තා. බෝම්බ ප්‍රහාරයකට හිටපු ජනාධිපතිවරයා හසුවූ අවස්ථාවේදී එතුමාට ආශිර්වාද කොට බෝධි පූජා පවත්වන ලද්දේත් මහා සංඝරත්නය විසින්.

යුද්ධය වෙනුවෙන් පෙනී සිටි රණවිරුවන්ට සෙත් පැතීමේදී පුද්ගලයා කවුද ජනාධිපති කවුද කියා භේදයක් උන් වහන්සේලා සැලකුවේ නැහැ. හමුදාපතිවරයා වෙනුවෙන් ඇතැම් විට මහා සංඝරත්නය මා සමග අරගල පවා වරෙක සිදුකළා. නමුත් අද උන්වහන්සේලා අමතන්නේ චීවරධාරියා කියමින්. මෙම උචිත නැහැ. ඔබ වහන්සේ හිතනවා ඇති අප සෙත් පැතුවේ මේ වගේ අයටද? මෙවැනි ඇමතීමක් ලබා ගැනීමට ද කියා. මොහු වෙනුවෙන් නේද අපි අනිත් අය සමග අරගල කළේ කියා ඔබ වහන්සේ දැන් කණගාටුවෙන් හිතනවා ඇති....""

....අපි අපේ රටත් ජාතියත් ආරක්ෂා කර ගත යුතුයි. මේ රට රැක ගැනීමට නොහැකි වුණොත් අපේ දරුවන් රැක ගැනීමට හැකියාවක් නැහැ. නාගදීපයේ බුද්ධ ප්‍රතිමා හදන විට එය ඉවත් කරනවා නම්, ස්ථාපිත කර ඇති බුද්ධ ප්‍රතිමා ඉවත් කරනවා නම්, පන්සල් ඉවත් කරනවා නම් රටක් ලෙස ඊට ඉඩදී බලා සිටිය නොහැකියි. ඒ නිසා මේවා පිළිබදව ජනතාව දැනුවත් විය යුතුයි...."ජන්ම දින සමරන නායක හිමියන්ගේ විහාරස්ථානයේ සිට මේවා කථා කරන එක සුදුසු නැහැ. නමුත් මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. සංඝ පරපුර නොමැති නම් අපට රටක් ජාතියක් නැහැ..."

රට ජාතිය හා ආගම සුරක්ෂිත කිරීමට එදා සිට මේ දක්වා පෙරමුණ ගත්තේ මහා සංඝරත්නය යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලොහාන් රත්වත්තේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලුම් අමුණුගම යන මහත්වරන් ද මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්විය.

අළුත්ම තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල වැඩසටහනේ Facebook පිටුවට


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now