SKIP TO MAIN CONTENT

2016 ඕස්ට්‍රේලියානු අය වැය-බදු හා වීසා පිලිබඳ තීරණ

Pedestrians reflected in a window at the Australian Stock Exchange (ASX) in Sydney, Monday, Feb. 9, 2015. (AAP Image/Joel Carrett) NO ARCHIVING
Pedestrians reflected in a window at the Australian Stock Exchange (ASX) in Sydney, Monday, Feb. 9, 2015. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

බදු අයකිරීමේ උපරිම වැටුප් තලයේ වෙනසක්

මෙවර අය වැය තුලින් පුර්ණ කාලීන රැකියා කරන්නන්ට සහනයක් ලෙස මේ ජූලි 1 වැනිදා සිට බදු අයකර ගැනීමේ දෙවැනි කාණ්ඩය වන වසරකට ආදායම 80,000 සිට 87,000 ස දක්වා ඉහල දමා තිබෙනවා. මෙමගින් බදු ගෙවන්නන 500,00කට පමණ සහන සැලසෙනු ඇති. Negative Gearing ක්‍රමයට කිසිදු වෙනසක් සිදු වන්නේ නැහැ . රාජ්‍ය භාණ්ඩාගාරික පවසන්නේ බොහෝ Negative Gearing ක්‍රමයෙන් වාසි ලබන්නේ වසරකට ආදායම 80,000 ට වඩා අඩු පුද්ගලයන් බවයි

අන්තගාමී ක්‍රියා පිටු දැකීම

ඔස්ට්‍රේලියාව තුල අන්ත ගාමී හිංසන ක්‍රියා පිටු දකීම වෙනුවෙන් ඩොලර් මිලියන 5ක් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ලබන වසරේදී ලබා ගැනීමට නියමිතයි. එයින් මිලියන 4ක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රාන්ත සමග එක්ව ප්‍රජා සහන වැඩසටහනක් සඳහාද , මිලියනයක් Office of Children's e Safety Commissioner ආයතනයට අන්තර්ජාලය ඔස්සේ එවන් ක්‍රියා පාලනයට සහය ලබා දීමට ද යෝජිතයි

එසේම නව නිර්මාණ එළිදක්වන්නන් සඳහා ඩොලර් මිලියන 88.6ක් වෙන් කොට තිබෙනවා. තම ස්වයන් වුර්තීන් ඇති කරගැනීමට උනන්දු කිරීමක් ලෙසයි ඒ.

වීසා සඳහා වෙනස්කම්

එසේම ප්‍රදාන වෙළඳ පොළ සඳහා වීසා වෙනසක්ද යෝජිතයි. ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා ඉක්මන් වීසා ක්‍රමයක්ද ,වසර 3 ක multiple entry වීසා ක්‍රමයක් ඉන්දියාව, තායිලන්තය ,චිලී , විඑට්නාමය යන රට වල අඩු අවදානම් ඇති පුද්ගලයන් සඳහා ලබා දීමටද යොජිථයි. මෙමගින් ඉදිරි වසර තුල මිලියන් 1.5ක ආදායමක් උප්යීමටද , චීන ජාතිකයන්ට ඉක්මන් වීසා ලබා දීමේ අත්හද බැලීමේ වැඩසටහනක් සඳහා ද ඉඩ ලබා දෙන බවයි රජයේ අදහස.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now