SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති - විපක්ෂනායක ජනප්‍රියත්වය සහ විශ්වසනීයත්වය අතර දෝලනය වෙයි.

Fairfax-Ipsos poll
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රය පිළිබඳ සිදුකළ නවතම Fairfax-Ipsos සමීක්ෂණ වාර්තාවට අනුව නව අගමැති ස්කොට් මොරිසන් විපක්ෂ නායක බිල් ශෝටන් ට වඩා ජනප්‍රියභාවය අතින් ඉදිරියෙන් සිටින බව සදහන්.

මේ සමීක්ෂණයට අනුව  විශ්වාශවන්ත භාවය අතින්  සියයට 49ට 39ක් ලෙස ස්කොට් මොරිසන් ඉදිරියෙන් සිටින අතර රට පිළිබද ඇති දැක්ම සම්බන්ධයෙන් ස්කොට් මොරිසන් සියයට 51 ට 47ක් ලෙස බිල් ශෝර්ටන් ට වඩා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්දයෙන්  සියයට 66 ට 47ක් ලෙසද, ප්‍රවීණත්වය අතින්  සියයට 64ට 57ක් ලෙසද ස්කොට් මොරිසන්, විපක්ෂ නායකවරයාට වඩා පෙරමුණ  ගෙන තිබේ.

නමුත් මෙම සමීක්ෂණයට අනුව සමාජ ප්‍රතිපත්තීන් අතින්  සියයට 57ට 49ක් ලෙසද, පක්ෂයේ සහාය අතින් සියයට 70ට 49ක් ලෙසද කම්කරු පක්ෂ නායක බිල් ශෝර්ටන් මහතා ඉදිරියෙන් සිටින බව සදහන්.

නමුත් ප්‍රධාන පක්ෂ දෙක වන කම්කරු පක්ෂයේ සහ ලිබරල් පක්ෂයේ ජනප්‍රියභාවය සලකා බැලීමේදී සියයට 53ට 47ක් ලෙස තවමත් කම්කරු පක්ෂය මෙම නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ඉදිරියෙන් සිටින බව සදහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now