SKIP TO MAIN CONTENT

ලෝක ශූර ඔස්ට්‍රේලියාව පරදා නවසීලන්තය 2019 දැල් පන්දු ලෝක කුසලානය දිනයි.

New Zealand won Netball World Cup 2019.
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එංගලන්තයේ Liverpool හි පැවැත්වුණු 2019 දැල් පන්දු ලෝක කුසලානය දිනාගැනීමට නවසීලන්තය සමත් විය.

2019 දැල් පන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඊයේ (21/07) ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්විණි.

එහිදී නවසීලන්තය ගෝල 52 ට 51ක් ලෙස ඉතා තියුණු අන්දමින් පසුගිය වර ලෝක ශූර ඔස්ට්‍රේලියාව පරාජය කළේය.

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය 1999 වසරේ පටන් මේ දක්වා පැවැත්වුණු දැල් පන්දු ලෝක කුසලාන තරගාවලි හයේම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර එහිදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන 4 ක්ද නවසීලන්තය ලෝක කුසලාන 2 ක්ද දිනාගැනීමට සමත් විය.

මේ අතර ශ්‍රී ලංකාවේ දැල් පන්දු ක්‍රීඩිකා තර්ජිනී සිවලිංගම් මෙවර දැල් පන්දු ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩිකාව බවට පත් වූවාය.

සමස්ත තරගාවලියේ ම ඇය ගෝල 348 ක් ලබාගැනීමට සමත් වූවාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now