SKIP TO MAIN CONTENT

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අදින් අවසන් වුණාට සල්ලියි අරක්කුයි දිගටම බෙදනවලු.

LG Election campaign ends today but indirect campaigns are still going : Shanthini Kongahage.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

මැතිවරණ නීතියට අනුව සියලු ප්‍රචාරක කටයුතු නියමිත දිනට අවසන් කළ යුතු වුවත් මධ්‍යම පළාතේ ඇතැම් ප්‍රදේශවල මුදල් හා මත්පැන් ලබාදෙමින් වක්‍රානුකාරයෙන් ප්‍රචාරක ක්‍රියා සිදුකරන බවට තොරතුරු ලැබී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සහකාර ලේකම්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ප්‍රකාශ කළාය.

සියලු මැතිවරණ ප්‍රචාරක ක්‍රියා අද (07/02) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිතය. 

නමුත් හේවාහැට ඇතුලු ආසන ගණනාවක් මුදල් හා මත්ද්‍රව්‍ය බෙදීමේ ජාවාරම සාර්ථකව සිදුකිරීමට ඇතැම් පාර්ශව මේ වන විටත් සැලසුම් කර ඇතැයි තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව කීවාය.

ඇතැම් අපේක්ෂකයන් අප්‍රසිද්ධ ස්ථානවල සහ හෝටල්වලදී විවිධ සාදයන් සංවිධාන කර ඒ සදහා ප්‍රබල ඇමතිවරුන් කැදවා ඒ සදහා නීතිමය බලයක් ආරෝපණය කොට කූට ප්‍රචාරක ක්‍රියා කරන බවත් එවැන්නක් දෙල්තොට දී පැවැති අතර මේ පිළිබදව අදාල ආයතන දැනුවත් කළ බව ද ඇය සදහන් කළාය.

හේවාහැට ආසනයේ මෙන්ම මහනුවර දිස්ත්‍රිකයේ මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් කිහිපයක් තමන් දුටු බවත් ඒ පිළිබදව පොලීසිය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කළ ද ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම බෙහෙවින්ම මන්දගාමී වී ඇතැයි කී මධ්‍යම පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය.

“පසුගිය දිනක රාත්‍රී දොළහට පමණ මම මාරස්සන නගරය පසුකරමින් ගමන් කරමින් සිටියා. එහිදී මම දැක්කා දේශපාලන රැස්වීම්වලට සහභාගීවූ පිරිස් සදහා මත්පැන් සංග්‍රහ කර තිබුණු අයුරු.  වාහනවලට නංවා නිවෙස්වලට ගෙන යාමට එහිදී උත්සහ කළත් ඔවුන්ට සිටගෙන ඉන්නවත් හැකියාවක් නැහැ. ගම්වල අහිංසක මිනිසුන්ට මේ අයුරින් ප්‍රමාණය ඉක්මවා මත්පැන් ලබාදීම කිසිසේත්ම අනුමක කළ නොහැකියි. මේ දේශපාලන සංග්‍රහ නිසා තමයි ගැමියන්ගේ පවුල් විනාශ වන්නේ. හේවාහැට නොදියුණූ ආසනයක්. එහි ජනතාව ජීවත් වන්නේ කෘෂිකර්මානතයෙන්. ඔවුන් මැත් පැන් කරා යොමු නොකළ යුතුයි. මෙවැනි දේශපාලන සංග්‍රහ පිළිබදව 119 හදිසි ඇමතුම් අංකය දැනුවත් කළ ද නීතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දැකිය හැකියි. මැතිවරණය ස්වාධීන විය යුතු වුවත් රාජ්‍ය දේපොල මැතිවරණය සදහා යොදාගැනීම දැකිය හැකියි. ඒ පිළිබදව නීතිය ක්‍රියාත්මක කරන ආයතන දැනුවත් කළ ද ඔවුන් ක්‍රියාකරන්නේ විවිධාකාරයෙන්.”

මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් කාන්තා අපේක්ෂිකාවන් 2754 දෙනෙකු නාම යෝජනා හිමිකර ගෙන තිබෙනවා. ඉන් 713ක් තරග වදින අතර සෙසු පිරිස අමතර ලැයිස්තුවෙන් පක්ෂය වෙනුවෙන්  ඉදිරිපත් වෙනවා. කාන්තාවන් සදහා වැඩි අවස්ථාවක් මෙවර හිමිකර දී ඇති නමුත් එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව සියල පක්ෂවල කාන්තාවන්ට බොහෝ අවස්ථාවලදී විවිධ තාඩන පීඩනවලට පත්වී මට සිදුවන බවට තොරුතුරු ලැබෙනවා. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now