SKIP TO MAIN CONTENT

ලංකාවේ දෘෂ්‍යාබාධිතයින්ට කුඩම්මාගේ සැලකිලි : දළදා මාළිගාවේදී දෘෂ්‍යාබාධිතයින් ගෙන් විශේෂ ප්‍රකාශයක්.

Blind people face discrimination in Sri Lanka: Blind unemployed graduates.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

රජයේ රැකියා ලබාදීමේදී  දෘෂ්‍යාබාධිතයින් සදහා අවස්ථාව ලබා නොදෙන්නේ නම් ලක්ෂ දහයකට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් ඉදිරි මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් වැළකෙන බව රැකියා විරහිත දෘෂ්‍යාබාධිත උපාධිධාරීන් පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සෑම පුරවැසියෙකුට සමාන අයිතීන් ලබා දෙන බව ද,  රජයේ රැකියා ලබා දීමේදී සියයට තුනක ප්‍රතිශතයක් විශේෂ අවශ්‍යතා සහිත අයට හිමිවිය යුතු බවට චක්‍ර ලේඛන තිබෙන නමුත් ඒ කිසිවක් ඉටු නොවන බව ද ඊයේ (10/01) මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි එම උපාධිධාරී එකමුතුවේ සභාපති එච්.එම්.ලාල්  පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය.

ආබාධ සහිත බව පවසමින් තමන් සමාජයෙන් කොන් කිරීම සාධාරණ නොවන බවත් සෙසු පුරවැසියන් මෙන් තමන්ට ද රැකියාවක් කොට ආදායම් ඉපැයීමට හැකි බවත් ඒ මහතා කීවේය.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට රජයෙන් සහනාධාරයක් හිමිවුවහොත් එය ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බවත් ඒ වෙනුවට විශේෂ අවශ්‍යතා සහිත අය හට නියමිත කෝටාවට අනුව රජයේ රැකියා ලබාදීමට කටයුතු කළ යුතු බවත් කී සභාපතිවරයා මෙසේ ද  ප්‍රකාශ කළේය.

"පසුගිය ආණ්ඩුවෙන් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද ආබාධ සහිත අය සදහා කිසිදු සහනයක් හිමිවුණේ නැහැ. ඔවුන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමට ආණ්ඩුව කටයුතු කළේ නැහැ. නමුත් ඔවුන් බලයට පත්වුණේ මහජන ඡන්දයෙන්. ඔවුන් මෙන්ම ආණ්ඩුව නඩත්තු වෙන්නේ අප ගෙවන බදු මුදලින්. ඒ නිසා අපේ අයිතීන් ඉවතලන්න ආණ්ඩුවට සදාචාර අයිතියක් නැහැ. දැස් නොපෙනීම නිසා උපාධිධාරීන් රැසක් විශාල අසීරුතාවට පත්ව ඉන්නවා. තරුණ ඔවුන් යැපෙන්නේ දෙමාපියන්ගේ වත්කම්වලින්. ඔවුන්ගේ අග හිගකම් පිළිබදව කවුරුත් සොයා බලන්නේ නැහැ. වගකිවයුත්තන් ගැටලුවෙන් මිදීමට උත්සහ කරනවා. දෘෂ්‍යාබාධිත උපාධිධාරීන් 67ක් දෙනෙකු රැකියා විරහිතව සිටියත් මේ දක්වා ඔවුන් කිසිවෙකු පිළිබදව රජයේ අවධානය යොමු වී නැහැ."

මෙනිසා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කොට මෙවර මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකෙන ලෙස සියලුම ආබාධ සහිත පුද්ගලයන් දැනුවත් කරන බව රැකියා විරහිත දෘෂ්‍යාබාධිත උපාධිධාරී එකමුතුවේ සභාපති එච්.එම්.ලාල් පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now