SKIP TO MAIN CONTENT

අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරග දෙක විනිශ්චය කිරීමට ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනට සහ රුචිර පල්ලියගුරුගේ ට හදිසි කැඳවීමක්.

Ruchira Palliyaguruge will join with Kumar Dharmasena as the officiating umpires for the fourth and fifth Tests of the ongoing Ashes series.
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

එංගලන්තයේදී පැවැත්වෙන මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරග දෙක විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විනිසුරුවන් වන කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ ICC ය විසින් හදිසියේ කැඳවා තිබේ.

ඒ අනුව හෙට දිනයේ එංගලන්තයේ Old Trafford හිදී ආරම්භවන සිව්වන ටෙස්ට් තරගයේදී මෙන්ම Oval පිටියේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේදී  ද කුමාර් ධර්මසේන දකුණු අප්‍රිකානු විනිසුරු Marais Erasmus සමග පිටිය මධ්‍යයේ කටයුතු කරනු ඇත.

එමෙන්ම රුචිර පල්ලියගුරුගේ තුන්වන විනිසුරු ලෙස කටයුතු කිරීමට නියමිත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන සහ දකුණු අප්‍රිකාවේ Marais Erasmus මෙවර එංගලන්තයේ පැවති එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ විනිසුරුවන් ලෙසද කටයුතු කරනු ලැබුහ.

මෙවර අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පසුගිය තරග වලදී විනිසුරුවරුන්ගේ වැරදි තීරණ කිහිපයක් හේතුවෙන් තරගයේ අවසාන තීරණය වෙනස් වීමට ඒවා ප්‍රබල ලෙස බලපෑ බව ක්‍රිකට් ප්‍රවීණයින් පවසා තිබුණි.

මෙම විනිසුරු සංශෝධනයට එය තදින්ම බලපෑ ඇති බව ඒ අනුව බොහෝ දෙනා විශ්වාස කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now