Polycystic ovary syndrome හෙවත් PCOS යනුවෙන් හඳුන්වන තත්වය කාන්තාවන් වඳ බවට පත් කරන ප්‍රධාන හේතුවක් .
මොනෑෂ් විශ්ව විද්‍යාලයත් රටවල් 71 ක සෞඛ්‍ය විශ්ලේෂකයන් හා එක්වී මෙම තත්වය හඳුනා ගැනීමට නව වැඩපිළිවෙලක් ඉදිරිපත් කොට තිබේ.
National Health and Medical Research Counci ආයතනය පවසන්නේ මෙම තත්වය හඳුනා ගත් කාන්තාවන් තමන්ට දරුවන් ලැබිය නොහැකි යන අදහස ඉවත් කර ගත යුතු බවයි.
ඔස්ට්‍රේලියාව තුල කාන්තාවන් 13%කට මෙම PCOS තත්වය ඇති අතර ආදිවාසී කාන්තාවන් 3 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්වය තිබේ.
මෙහි රෝග ලක්ෂණ ලෙස , ශරීරයේ රෝම වැවීම, මානසික ආතතිය, අක්‍රමවත් ඔසප් චක්‍රය හා සිරුරේ බර වැඩි වීම හැඳින්විය හැකියි.

සමහර කාන්තාවන්ට මෙම තත්වය හඳුනා ගැනීමට වසර ගණනක් වුවත් ගත විය හැකියි. බොහෝ කාන්තාවන්ට PCOS හඳුනා ගත පසුවත් දරුවන් ලැබිය හැකි බවයි මහාචාර්ය Teede පවසන්නේ.
නිසි පරිදි ඔස්ට්‍රේලියාව තුල ප්‍රතිකාර ගැනීමෙන් මෙම කාන්තාවන්ට දරුවන් ලැබිය හැකි බවට මේ නව වාර්තාවෙන් ඔප්පු වී තිබෙනවා

