SKIP TO MAIN CONTENT

සෞදි මාධ්‍යවේදී කශෝගිව ඝාතනය කර සිරුර කොටස් කළ බවට සැකයක්.

'Certain evidence' found in Jamal Khashoggi killing.
Διέρρευσαν ανατριχιαστικές λεπτομέρειες αναφορικά με τη δολοφονία του Σαουδάραβα δημοσιογράφου Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සෞදි ජාතික මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධ හඬ පට සහ වීඩියෝ පට තමන් සතුව ඇති බව තුර්කි බලධාරීන් පවසයි.

මාධ්‍යවේදී ජමාල් කශෝගී තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුලදී පසුගිය ඔක්තෝබර්02 වන දින ඝාතනය කළ බවට තුර්කිය දැනුම් දී ඇත.

කෙසේවෙතත්, කශෝගී ඝාතනය සම්බන්ධ හඬ පට සහ වීඩියෝ පට ඇමෙරිකාවට ලබා දෙන ලෙසට ඇමෙරිකානු ජනාධිපති Donald Trump තුර්කියෙන් ඉල්ලා සිටියි.

මේ අතර මෙම චෝදනා පදනම් විරහිත බව සෞදි අරාබිය පවසයි.

මාධ්‍යවේදී ජමාල් කශෝගීව තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුලදී ඝාතනය කර ඔහුගේ සිරුර කොටස් වලට කපා දැමු බවට සැක පහල වී ඇති බවටද මාධ්‍ය වාර්තා පළවෙමින් පවතී.

කෙසේවෙතත්, මේ සිද්ධිය සම්බන්ධව සෞදි අරාබිය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව උත්සාහ දරන බවට ඇමෙරිකාවට චෝදනා එල්ලවී තිබේ.

නමුත් තමන්ට එසේ කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now