SKIP TO MAIN CONTENT

අපේ සම්පත් අපට : ඉන්දීය ධීවරයින්ට මුහුදු සීමාව කියාදෙන්න නාවික හමුදාව සූදානම් - නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා කියයි.(වීඩියෝ)

Navy commander visits Asgiri and Malwathu chapters
- Sri Lanka Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Skip to article content

කලාපයේ සාගර ආරක්ෂාව වෙනුවෙන්  යාත්‍රා කිහිපයක් නාවුක හමුදාව සදහා ලබා ගැනීමට පියවර ගන්නා බව නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා ප්‍රකාශ කළේය.

විශාල ප්‍රමාණයේ නාවුක යාත්‍රාවක් ඉන්දියා‍වෙන් ලබන වර්ෂයේ පෙබරවාරි මස ලබා ගන්නා බවත් තවත් එවැනි යාත්‍රා තුනක් ලබන වර්ෂයේදී මෙරටට ලැබෙන බව ඒ මහතා කීවේය.

එපමණක් නොව ශ්‍රී ලංකා කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී තවත් යාත්‍රා කිහිපයක් ලබා ගන්නා බව අද (අගෝස්තු 25) මහනුවරට පැමිණි නව නාවුක හමුදාපතිවරයා අස්ගිරි හා මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදුටු ඒ මහතා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සාගර ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් කිසිදු අවස්ථාවක මෙරට සම්පත් බාහිර පාර්ශවයන් අතට පත්වීමට ඉඩ නොදෙන බව කී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කොට සිටියේය

"මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණිම පාලනය කිරීම සදහා සාගර කලාපයේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට අප පියවර ගන්නවා. ඒ වෙනුවෙන් විශේෂ යාත්‍රා යෙදවීමට නියමිතයි. වර්ෂයක් තුළදී මත්ද්‍රව්‍ය රටට ගෙන්වීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගන්නවා.

ශ්‍රී ලංකා නාවුක හමුදාව අනුගමනය කරන්නේ සියලු රටවල් සමග මිත්‍රශ්‍රීලිව කටයුතු කිරීමේ ප්‍රතිපත්තියක්. අපි අනෙකාට උපකාර කරන නමුත් අපේ සම්පත් වෙනත් පාර්ශවයන්ට හිමිවීමට ඉඩ දෙන්නේ නැහැ. ඉන්දීය ධීවරයන්ට ධීවර කටයුතු වෙනුවෙන් අප සීමා පෙන්වා දෙමින් උපකාර කිරීමට අපේක්ෂා කරනවා. ඔවුන්ට උපකාර කිරීම මගින් ඔවුන් ශ්‍රී ලංකා සීමාවේ ධීවර කටයුතු වෙනුවෙන් පැමිණීමක් සිදු වන්නේ නැහැ."

සෑම විටම නිලධාරීන් විනයානුකූලව පවත්වාගෙන යන බව කී නාවුක හමුදාපතිවරයා විනය කඩවීම සම්බන්ධයෙන් ඉදිරියේදී කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වැඩිදුරටත් කීවේය.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------

කාලීන තොරතුරු දැනගන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට

SBS සිංහල වැඩසටහනට සජීවීව සහ පසුව සවන්දෙන්න SBS Radio APP නොමිලයේ download කරගන්න

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now