SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි වල ඉඳිකටු හමුවීමේ සිද්ධි තව දුරටත්....

strawberry needle saga
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොලට නිකුත් කළ ස්ට්‍රෝබෙරි වල තිබී ඉඳිකටු හමු වීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය සතියේදී වික්ටෝරියානු, ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වලින් වාර්තා වූ අතර, තවත් එවැනි සිදුවීමක් දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රන්තයෙන්ද වාර්තා වී තිබේ.

ස්ට්‍රෝබෙරි වල තිබී ඉඳිකටු හමුවූ පස්වන ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ලෙසද දකුණු ඔස්ට්‍රේලියාව වාර්තා වේ.

පොලිසිය මේ පිලිබදව සොයා බැලීමට මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, ජාතික ආහාර සුරක්ෂිතතා ආයතනයටද මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය ඇමති Greg Hunt  විසින් නියෝග ලබාදී තිබේ.

strawberry needle saga
Source: SBS

මේ අතර ඔස්ට්‍රේලියාවේ වෙළෙඳපොල තුළ අලෙවියට ඇති ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමට පෙර ඒවා කපා පරීක්ෂා කර ආහාරයට ගන්නා ලෙස බලධාරීන් සියලු පාරිභෝගිකයින්ට දැනුම් දෙයි.

ස්ට්‍රෝබෙරි වල තිබී ඉඳිකටු හමු වීම හේතුවෙන් Berry Obsession සහ Berry Licious  නාමයන් ඇති ස්ට්‍රෝබෙරි දැනටමත් යම් පාරිභෝගිකයෙකු ඇත්නම් ඒවා ආහාරයට නොගෙන ඉවත දමන ලෙසටද සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කර සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now