SKIP TO MAIN CONTENT

මහනුවර සාමකාමී කරන්න ජනපති මෛත්‍රී, ආගමික නායකයින් මුණ ගැසෙයි.

Religious leaders play pivotal role in maintaining peace and harmony- President
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

ශ්‍රී ලංකා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙලට සමගාමීව සිය බලප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්  සමගිය සදහා නායකත්වය ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සර්ව ආගමික නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියහ.

මහනුවර හා ඒ ආශ්‍රිතව පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සර්ව ආගමික නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්  ඊයේ (07/03)  මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී පැවැති අතර එහිදී ජනාධිපතිවරයා ආගමික නියෝජිතයන්ගෙන් සාමය ස්ථාපිත කිරීමේ කටයුතු සඳහා සහය වන ලෙස ඉල්ලා සිටියේය.

සුළු සුළු සිද්ධීන් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විට ජනතාව තුළ නිවරැදි නොවන චිත්‍රයක් මතුවන බව කී ජනාධිපතිවරයා, ජනතාව වෙත සත්‍ය තොරතුරු ගෙනයාමේදී ආගමික නායකයන්ට සුවිශාල මැදිහත්වීමක් මේ අවස්ථාවේදි කළ හැකි බව කීවේය.

ජනතාව ආරක්ෂා කර ගැනීම හා සාමය ආරක්ෂා කර ගැනීම සදහා ජනාධිපතිවරයා විසින් මෙහිදී අදාළ ආරක්ෂක අංශවෙත උපදෙස් දීම ද සිදුවිය.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඩරුවේ උපාලි හිමි ඇතුලු මහා සංඝරත්නය  ඇතුලු සෙසු ආගමික නියෝජිතයන් ද මහජන නියෝජිතයන් ඇතුලු පිරිසක් මේ සාකච්ඡාව සදහා සහභාගීවිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now