ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට ලැබුණේ එජාපය ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කොට තිබුණු නිසා. ඉතින් අපි නව ව්‍යවස්ථාවෙන් රට පාවා දෙයිද? කබීර් හෂීම් අසයි.

Kabir Hashim _ UNP minister

Kabir Hashim _ UNP minister Source: SBS Sinhala

ඒකීයභාවය සුරක්ෂිත කර ගැනීම සඳහා ජීවිත රැසක් පූජා කළ එක්සත් ජාතික පක්ෂය ව්‍යවස්ථාවක් මගින් රට පාවාදීමට කිසිසේත්ම කටයුතු නොකරන බව එම පක්ෂයේ සභාපති, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කොට සිටී.

ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමට හැකියාව ලැබුණේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කොට තිබුණු නිසා බව ද එම සටනේදී එක්සත් ජාතික පක්ෂ නායකයන් ඇතුලු පාක්ෂිකයන් රැසකගේ ජීවිත අහිමිවූ බව ද මහා නායක හිමියන් හමුවේ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි ඒ මහතා අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් හා මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා සිය අමාත්‍යංශයේ වැඩපිළීවෙල දැනුම් දුන්නේය.

ශක්තිමත් ව්‍යවස්ථාවක් සකස් කොට රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීම සඳහා ජීවිත රැසක් පරිත්‍යාග කළ එක්සත් ජාතික පක්ෂය කිසිදු අයුරකින් රටට අහිතකර කාර්යයක් සිදු නොකරන බව අස්ගිරි මහා නායක හිමියන් හමුවේ අමාත්‍යවරයා කීවේය.

නව ව්‍යවස්ථාව අනුව බුදු දහමට ඇති ස්ථානය කිසිසේත්ම අහිමි නොවන බවත් ඇතමුන් ඒ පිළිබදව ගෙන යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඒ මහතා පැවසීය.

මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලබාදීම අවශ්‍ය වන බවත් නගරය තුළ වාහන ගාල් කර තැබීම නිසා මෙම තදබදය උග්‍රවී ඇතැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් අමාත්‍යවරයා හමුවේ කීවේය.

අමාත්‍යවරයා හමුවේ අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් කියා සිටියේ, මහාමාර්ග විවිධ අයුරින් බෙදා වෙන් කර ඇති බවත් පළාත් සභා, මධ්‍යම ආණ්ඩු ලෙස ඒවා බෙදා වෙන් කර තිබුණත් වසර 25කින්වත් තාර යොදා නොමැති ග්‍රාමීය මාර්ග රටේ පවතින බවයි. මෙම මාර්ග බෙදා වෙන් කිරීම නොව කවුරු හෝ මැදිහත්වී සංවර්ධන කිරීම වැදගත් යැයි මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.

SBS සිංහල ගුවන් විදුලියේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයු තොරතුරු ඇසුරිනි.


2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now