SKIP TO MAIN CONTENT

ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට අත්අඩංගුවට පත් සිඩ්නි නුවර ශ්‍රී ලාංකික තරුණයාට ඇප.

sbs
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්ව සිටි  25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයෙකුවූ Mohamed Kamer Nilar Nizamdeen ඇප මත නිදහස් කර තිබේ.

නිව් සවුත් වේල්ස් ත්‍රස්ත විමර්ශන ඒකකය  විසින් Mohamed Kamer ව අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කරමින් පසුගිය අගෝස්තු 31 වන දින අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Mohamed Nizamdeen නමැති මොහු ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින බවත් නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කරමින් සිටින බවත් ආරක්ෂක අංශ අනාවරණය කර ඇත.

IS සංවිධානයත් සමග අනුබද්ධව මොහු කටයුතු කරමින් සිටි බවට ආරක්ෂක අංශ මුලදී සැක කළ අතර ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක කළ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ඇතුළු සිඩ්නි නුවර ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් මෙන්ම පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුළත් ලියවිලි කිහිපයක් ඔහු සතුව තිබී සොයාගෙන තිබුණි.

නමුත් අදාල ලියවිලි වල තිබූ  අත්අකුරු සහ Mohamed ගේ අත්අකුරු නොගැලපෙන බවට  අත්අකුරු පිළිබඳ විශේෂඥන්ගේ සහතික කළ වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව Mohamed Nizamdeen හට මෙසේ ඇප ලබා දී තිබේ.

Mohamed Nizamdeen, ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ගේ ඥාති පුත්‍රයෙකු බවද මාධ්‍ය වාර්තා පළ විය.

මේ අතර  Mohamed Nizamdeen ව අත්අඩංගුවට ගත් පසුව ඔහු නිර්දෝෂී බව පවසමින් ශ්‍රී ලංකාව තුළ ඔහුගේ ඥාතින් සහ මිතුරන් උද්ඝෝෂණ පවත්වමින් ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බවද වාර්තා විය.

Sydney Sri Lankan terror accused granted bail
Protests in Colombo, Sri Lanka, September 18, 2018. Source: AP

මේ අතර Mohamed Nizamdeen සම්බන්ධ නඩුව ඔක්තෝබර් මාසයේදී නැවත කැඳවීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now