SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - ද.අප්‍රිකා 3 වන එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වූයේ ඇයි? (වීඩියෝ සහිතයි)

Thilan Samaraweera_Batting coach_Sri Lanka Cricket
Thilan Samaraweera_Batting coach_Sri Lanka Cricket Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya, Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

දකුණු අප්‍රිකාව සමඟ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ දී ඊයේ (අගෝ 05) පැවැති එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ලකුණු 78ක පරාජයක් අත්විය. තරඟයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර ක්‍රීඩකයින්ගේ පිතිකරණය පිළිබඳව අදහස් පලකොට සිටියේය.

ඔහු එහිදී පෙන්වා දුන්නේ ලකුණු තුන්සිය හැටක් වැනි ඉලක්කයක් කරා යාමේදී මුල්පෙළ පිතිකරුවන්ගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් හිමි විය යුතු බවයි. එසේම

තිසර පෙරේරා ලකුණු හැටක් හෝ හැත්තෑවක් කරා ගොස් යම් ජවයක් ලබා දුන්නා නම් තත්වය වෙනස් විය යුතුව පැවතුනු බවද ඔහු සඳහන් කොට සිටියේය. .

පන්දු යැවීමේදී අවසන් පන්දු වාර දහය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එතරම් හොදින් පන්දු යැවීමක් සිදු නොවුණු බව ද පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පෙන්වා දුන්නේය. පන්දු යැවීමේදී මුල් පන්දුවාර දහය තුළදී කඩුළු දෙකක් දවා ගැනීම අපේක්ෂා කළ ද ලබා ගත හැකිවූයේ එක් කඩුල්ලක් යැයි ද ඔහු කීවේය. අපගේ පන්දුවලට දකුණු අප්‍රිකාව හතරේ පහර රැසක් ලබා ගත් බව ද අවසන් පන්දුවාර දහය තුළදී ඔවුන් වඩාත් සාර්ථක වූ බව ද සමරවීර ප්‍රකාශ කළේය. එසේම පස්වරු දෙකෙන් පමණ පසු තණතීරුව යහපත් තත්ත්වයකින් පසුවෙතැයි අපේක්ෂා කළ නමුත් එය ඉටු නොවුණ බව ද ඔහු කීවේය.

ඉදිරි ලෝක කුසලාන තරගයක් කරා යාමේදී ශ්‍රී ලංකාවට තවත් තරග 20 කට පමණ මුහුණදීමට ඇතැයි ද ලසිත් මාලිංග තවමත් තවමත් ලෝක කුසලානය

සඳහා තරඟවදින කණ්ඩායමට ඇතුලත් කරගැනීමේ ක්‍රීඩක ලයිස්තුවේ සිටින බවද ඊයේ (05) පැවති මාධ්‍ය හමුවේ දී පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now