SKIP TO MAIN CONTENT

අමාත්‍යධුරයක් නොලැබුණත් මම සතුටින් : ගීතාගේ මන්ත්‍රී ධුරයට පත්වූ පියසේන ගමගේ.

SLFP MP Piyasena Gamage Kandy visit
Source: SBS Sinhala

1 min read

Published

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

තමන්ගේ පරිනත දේශපාලන අත්දැකීම් මත අමාත්‍යධූරයක් හිමිවිය යුතු වුවත් පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතිය අනුව එය නොලැබීම පිළිබදව පසුතැවිලි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය හිමිවූ තමන්ට කැබිනට් අමාත්‍යධූරයක් හිමිවිය යුතු නමුත් එය නොලැබුණත් ජනතාව වෙනුවෙන් යහපත් මෙහෙවරක් සිදුකරන බව ඊයේ (16/11) ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ඒ මහතා ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ  ද්විත්ව පුරවැසිභාවය මත ඇයට එම තනතුර දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකාරණ ලබා දුන් තීන්දුවත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනයට පියසේන ගමගේ මහතා පත්විය.

ගාලු දිස්ත්‍රිකයට මෙන්ම සමස්ථ ජනතාවට සේවය කිරීමට තමන්ට මේ වන විට අවස්ථාව හිමිවී ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now