SKIP TO MAIN CONTENT

උතුරේ නිදහස වෙනුවෙන් විජයකලා නැවතත් LTTE ය ඉල්ලයි.

Vijayakala sees need for LTTE
Source: YouTube

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට කිසිදු බියක් නොමැතිව නිදහසේ ජීවත් වීමට නම් LTTE කොටි සංවිධානය යළි හිස එසවිය යුතු බව ශ්‍රී ලංකාවේ වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ (02/07) ප්‍රකාශ කර තිබේ.

යාපනය වීරසිංහම් ශාලාවේදී ඊයේ පැවති "ජනාධිපති නිල මෙහෙවර ජනතා සේවය" වැඩසටහනෙහි අටවන වැඩ සටහන පැවැත්වෙන අතරතුරේ ඇය මේ අදහස් ප්‍රසිද්ධ වේදිකාවේ පළ කර සිටියාය.

 

වර්තමානයේ උතුරු ප්‍රදේශයේ කාන්තාවන් බරපතල දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් LTTE  සංවිධානය සක්‍රීයව සිටියා නම් මෙවැනි ඉරණමක් උතුරු පළාතට අත්වන්නේ නැති බවත් ඇය එහිදී පැවසූ බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ යාපනය ඇතුළු උතුරු පළාත තුළ සිදුවන සිදුවීම් දිහා බලන කල 2009 මැයි මස 18 වනදාට පෙර දෙමළ ජනතාව ජීවත් වූ ආකාරය ගැන ආඩම්බර වන බවත් මේ තත්වය හේතුවෙන් LTTE කොටි සංවිධානය නැවතත් බිහිකළ යුතු බවත් එහිදී ඇය අවධාරණය කොට තිබේ.

එමෙන්ම  LTTE කොටි සංවිධානය නැවතත් බිහි කිරීම දෙමළ ජනතාවගේ මූලික අරමුණක් විය යුතු බවත් වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනිය එහිදී ප්‍රකාශ කර සිටියාය.

"අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි" යනුවෙන්  විජයකලා මහේෂ්වරන් තම කතාවේදී පවසා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now