SKIP TO MAIN CONTENT

වික්ටෝරියාවේ පොලීසියට වාහන යොදා ගෙන කරන ප්‍රහාර වැලක්වීමට වෙඩි තැබීමේ බලය හිමිවේ

vic
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

මීට වසර 3ට පෙර මෙල්බන් නුවර  Bourke වීදියේ සිදුවූ වාහන ප්‍රහාරයෙන් පසුව එවන් ප්‍රහාරයකදී වෙඩි තැබීමේ බලය වික්ටෝරියානු පොලීසියට දැන් ලබා දී තිබේ.

වික්ටෝරියාවේ hostile vehicle policy නම් වන නව නීතිය මගින් එම වාහනය නැවත්වීමට බාධක යෙදීම ආදී කරුණු සිදු කර එසේත් සාර්තකව එය නැවත්වීමට නොහැකි විටදී වෙඩි තැබීමේ බලය හිමිවේ.

මෙම නව නීතිය මගින් පොලීසිය විසින් අහිංසක ජනයාගේ ආරක්ෂාව කෙරේ සියලු පියවර ගත යුතු බව සහකාර පොලිස් කොමසාරිස් Shane Patton පවසනවා.

මෙසේ වාහන ප්‍රහාර සදහා වෙනම නීති සකස් කල ප්‍රථම ප්‍රාන්තය වික්ටෝරියා ප්රාන්තයයි. සහකාර පොලිස් කොමසාරිස් Patton මහතා පවසන්නේ නිතර මෙවන් සිදුවීම් සිදු නොවුනත් ඒ සදහා සුදානමින් සිටිය යුතු බවයි. එවන් සිදුවීම් ඉතා ඉකමනින් භයානක තත්වයට පත්වීම මීට පෙර දැක ඇති නිසා මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම නීති සම්පාදනය කොට තිබේ.

මේ පිලිබදව පොලිස් නිලධාරීන් පුහණු කිරීම දෙසැම්බර් මස මැද ආරම්භ වනු ඇති අතර සියලු නිලධාරීන් එම පුහුණුව වසර 2020 මැද වන විට අවසන් කිරීමට අපේක්ෂිතයි.

වසර 2017 ජනවාරි මස පුද්ගලයින් 6 දෙනෙකුට මාරු කැදවමින් හා 27 දෙනෙකුට තුවාල සිදු කරමින් James Gargasoulas විසින් මෝටර් රථයක් පදවමින් Bourke වීදියේ ප්‍රහාරය සිදු කළා.

Source: SBS

c
Source: SBS


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now