SKIP TO MAIN CONTENT

මහනුවර ගැටුමට මුල්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපළ හෙළි කරන්න, විපක්ෂයෙන් රාජිතට බලපෑම්.

Sri Lanka Parliament
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලට මුලිකත්වය දුන් සහ බවට පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා කවුරුන්ද යන්න පිළිබඳව වහාම හෙළි කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තු‍වේ දී ඊයේ (08/03) ඉල්ලා සිටියහ.

මාර්තු 07 වන දින කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේ දී හෙළි කළ කරුණු අනුව මහනුවර ප්‍රදේශයේ ඇති වූ ගැටුම්වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදනෙකු සම්බන්ධ බවත් එම පුවත දිනමිණ පුවත්පතේ පළවී තිබුණ බවත් පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මෙම ඉල්ලීම සිදුකළහ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now