SKIP TO MAIN CONTENT

නැගෙනහිර "ෂරියා විශ්වවිද්‍යාලය" උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා නොමැති බව හෙළිවෙයි.

Sharia University Sri Lanka
Source: Facebook

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඉදිවන Batticaloa Campus හෙවත් "ෂරියා විශ්වවිද්‍යාලය" නමින් හැඳින්වෙන කිසිදු ආයතනයක් උපාධි පාඨමාලා පැවැත්වීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අවසරය ඉල්ලා නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා කිසිඳු බලයක් එවැනි සංවිධානයක් වෙත ලබා දී නොමැති බවද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එහිදී අවධාරණය කර තිබේ.

නැගෙනහිර පළාතේ පූනානි හි පිහිටා ඇති "ෂරියා විශ්වවිද්‍යාලය"  ලෙස හැදින්වෙන ආයතනය සම්බන්ධව පසුගියදා පළවු පුවත් කිහිපයක් පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු වි ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

1978 විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථයට අයත් වන්නේ , රාජ්‍ය විශ්වවිද්‍යාල 15වෙහි විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බනධීකරණය කිරීමත් එම විශ්වවිද්‍යාලවල පරිපාලනය විධිමත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කිරීමත් පමණක් බව විශ්වවිද්‍යාල කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now