ඕස්ට්‍රේලියාවේ වැඩිමහලු පරම්පරාව තරුණ පරපුරට වඩා ධනවත් ..තරුණ පරපුරේ ජීවන තත්වය පහත වැටීමට හේතුව කුමක්ද ?

sc

Source: SBS

මීට පෙර ඕස්ට්‍රේලියානු ඉතිහාසය තුල සියලුම පරම්පරාවකින් පසු ඊලග පරම්පරාව ඉහල ජීවන තත්වයක් ගත කලද, දැන් වත්මන් පරපුර ජීවිතය ගැට ගසා ගැනීම ට උත්සහ කරමින් සිටින බවට නවතම වාර්තාවක් පවසනවා. Generation gap: ensuring a fair go for younger Australians, නම් වන Grattan ආයතනය විසින් ඉදිරිපත් කල වාර්තාවක් මගින් මේ බව පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියානු ජනගහනය වියපත් වීම, ආර්ථික වර්ධන වේගය වීම හා දේශගුණ විපර්යාස ආදිය සම්බන්ධ ගැටළු නව පරපුරේ හිස මත පැටවීම මීට හේතු ලෙස හැඳින්වේ. එසේම ජාතියක් ලෙස ඔස්ට්‍රේලියාව ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරන ද මෙයට හේතු වී තිබේ

ඕස්ට්‍රේලියාවේ වැඩිමහලු පරම්පරාව තරුණ පරපුරට වඩා ධනවත් ..

පසුගිය වසර 100 තුල පෙන්නුම් කල ආර්ථික වර්ධනය විසින් වියපත් ඕස්ට්‍රේලියානුවන් ගේ ආර්ථික තත්වය යහපත් වී ඇති අතර පහත ප්‍රස්තාරයෙන් පෙන්නුම් කරන ලෙස තරුණ හා වැඩිහිටියන් අතර වත්කම් පරතරය වැඩි වෙමින් පවතී

s
Source: grattan

ඒ අනුව වසර 2004 දී සිට වයස අවු.35 ට අඩු ගෘහ මුලිකයෙකු සිටින නිවෙස් වල ආදායම වැඩි වීමක් දක්නට ලැබෙන්නේ නැහැ

මෙය තරුණ පරපුරෙහි අධික වියදම නිසා සිදු නොවන බවයි වාර්තා වන්නේ, පහත රුපයෙන් පෙනෙන පරදී තරුණයින් නිවාස වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සදහා වැඩි වියදමක් දරනවා

sc
Source: grattan

ගෝලීය මුල්‍ය අර්බුධය නිසා සිදුවූ වැටුප් ඉහල නොයාම, තම සුදුසුකම් වලට වඩා අඩු මට්ටමේ රැකියා ලැබීම මීට හේතු වී ඇති අතර, වැඩිහිටියන් සිය රැකියා වල වඩා ස්ථාවර වීම නිසා ත් වෙනත් ආදායම් ඇති නිසාත් වඩා ඉහල ජීවන තත්වයක සිටී.

මෙම තත්වය දිගටම පැවතුනොත් අඩු ආදායම් සහිත නව පරම්පරාවක් බිහි වනු ඇති. දැනට ඕස්ට්‍රේලියානු බදු ගෙවන්නන් විශ්‍රාම ගන්න වැඩිහිටියන්ගේ සුභසාධනය සදහා ඔවුන්ගේ බදු මුදල් යොදවනු ලැබුවත් ඕස්ට්‍රේලියානු ජනගහනය වියපත් වන බැවින් එම බදු  සපයන පිරිස අඩු වන හෙයින් රජයට ඒ සම්බන්ධයෙන් සුභසාධන දීමනා වැඩි කිරීමට සිදු වනු ඇති 

superannuation බදු සහන ආදී බදු සම්බන්ධ ප්‍රතිපත්ති හේතුවෙන් වැඩිමහලු ඕස්ට්‍රේලියානුවන් බදු අඩුවෙන් ගෙවීමක් ද දක්නට ලැබේ. එසේම වයස අවු. 65ට පසුව රජයේ විශ්‍රාම දීමනා හා සෞඛ්‍ය සේවා ද වැඩි පුර ලබා ගැනීමට සිදුවෙන හෙයින් අනෙක් ඕස්ට්‍රේලියානුවන් මෙම වැඩිහිටි සුභසාධනයට වැඩි දායකත්වයක් ලබා දේ

sc
Source: grattan

මේ නිසා මීට පෙර පරම්පරාවට වඩා වැඩි මුදලක් වත්මන් 40 වියැති ඔස්ට්‍රේලියානුවකු විසින් විශ්‍රාමිකයන් සදහා වියදම් කරනු ලැබේ. එම ප්‍රමාණය ඔවුන් තමන්ගේ superannuation ගිණුම වෙත දායක කරන මුදලට වඩා වැඩි වේ

sc
Source: grattan

සැබවින්ම මෙය ඕස්ට්‍රේලියානුවන් බලාපොරොත්තු වූ දෙයක්ද ?

බොහෝ ඕස්ට්‍රේලියානුවන් පවසන්නේ අනාගත පරපුරට වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍ය බවයි. බොහෝ ඔස්ට්‍රේලියානුවන් තම දරුවන් හා මිනිපුරු මිනිපිරියන්ට දේපොළ දායාද කරමින් ඔවුන්ගේ අධ්යාපනයට මුල්‍ය ආධාර කරමින් සිටී. නමුත් මෙය ධනවත් පවුල් වලට පමණක් සීමා වන නිසා ප්‍රතිපත්තිමය වශයෙන් ධනවතුන්ට ඇති බදු සහන ආදිය කපා දැමීම වැනි ප්‍රතිපත්තිමය වෙනස් කම් සදහා දැන් අවශ්‍යතාවය මතුව ඇති බවට මෙම වාර්තාව පවසයි

sc
Source: SBS

3 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now