SKIP TO MAIN CONTENT

උතුරු - දකුණු කොරියානු නායකයින් තුන්වන වරටත් හමුවීමට සූදානම්.

Two Koreas set for Pyongyang summit
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

උතුරු කොරියානු නායක Kim Jong-un සමග මේ වසරේදී පැවැත්වෙන තෙවන හමුව සඳහා දකුණු කොරියානු ජනාධිපති Moon Jae-in අද (18/09) පෙරවරුවේ උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang වෙත පිටව ගොස් තිබේ.

දකුණු කොරියාවේ Seoul අගනුවර යුධ ගුවන් තොටුපොළෙන් දැඩි ආරක්ෂාවක් සමග දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙසේ උතුරු කොරියාව බල පිටත්ව ගොස් ඇත.

තෙදින නිල සංචාරයක් වන මෙහිදී දෙරටේ නායකයින් අද පස්වරුවේ සහ බදාදා දිනයේ හමුවීමට නියමිතය.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි හරණය උදෙසා අමෙරිකාවත් සමග සිදුකරන සාකච්ඡා වලට වේදිකාවක් තැනීම මෙම සංචාරයේ මූලික අරමුණ වී තිබේ.

එමෙන්ම කලාපීය සාමය හා සංවර්ධන ක්‍රියා පිළිබඳවද මෙහිදී ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now