SKIP TO MAIN CONTENT

බ්‍රිගේඩියර් ප්‍රියංකර වෙනුවෙන් මහින්ද කට අරියි.

Former President Mahinda speak about Brigadier Priyankara.
Source: SBS Sinhala

2 min read

Published

Updated

By Nadeeka Daya Bandara - Sri Lanka


Skip to article content

මව්බිමට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණ පැවැත්වීම සදහා නීතිමය අවසරය ලබා දුන් ලෝකයේ එකම ආණ්ඩුව ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග මානව හිමිකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙම ආණ්ඩුව විසින් පූර්ණ බලය ලබා දුන් බව ඊයේ (07/02) මහනුවර දී මාධ්‍ය හමුවේ හිටපු ජනපතිවරයා කීවේය.

මහනුවරට පැමිණි ඒ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී දන්තධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු මාධ්‍ය කළ විමසුමට පිළිතුරු දෙමින් මේ බව කීවේය.

බිගේඩියර්වරයෙකු බෙල්ල අතගාන දර්ශන ප්‍රචාරය වූ පමණින් ඔහුගේ සේවය අත්හිටුවීම අනුමත කළ නොහැකි බවත් ත්‍රස්තවාදය පරාජය කිරීම ලංකාව ලැබූ ජයග්‍රහණයක් යැයි කී ඒ මහතා මේ කරන්නේ සිංහ ලංජනය වෙනුවට වෙනත් සත්වයෙකු යොදා ගැනීමට උත්සහ කිරීමක් යැයි ද කීවේය.

සිංහ ලංජනය පෙන්වුවා යැයි කියමින් හමුදා නිලධාරියෙකුගේ වැඩ තහනම් කරනවා නම් මේ රට කරන්නේ ඩයස් පෝරාව කියන දේ කිරීමක් ද? පිටරැටියන් ද අද ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. තමන්ගේ ආණ්ඩුව, රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පරීක්ෂණ පැවැත්වීම සදහා මුලින්ම මංගල සමරවීර අවස්ථාව හිමිකර දුන්නා. ඇතමුන් ඒ වෙනුවෙන් රට පාවා දුන්නත් සෑම දෙනාම එසේ කරන්නේ නැහැ.

වත්මන් ආණ්ඩුව කරන එකම කාර්යය වන්නේ තමන්ට බැන වැදමින් තමන් කළ සංවර්ධන කාර්යයන් විවෘත කිරීම යැයි ද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now