ඕස්ට්‍රේලියාවේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගීවුණු ක්‍රීඩකයින් 200 දෙනෙක් ආපහු ගිහින් නැහැ

General view of the Athletes Villages -  Gold Coast Commonwealth Games

General view of the Athletes Villages - Gold Coast Commonwealth Games Source: AAP

මෙවර ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සහභාගීවුණු ක්‍රීඩකයින් සහ නිලධාරීන් 200 දෙනෙකුට වැඩි සංක්‍යාවක් මෙරට රැඳී සිටීමට අවශ්‍ය සරණාගත රැකවරණ විසා ඇතුළු විවිද විසා කාණ්ඩ සඳහා අයදුම් කොට ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අතරින් 50 දෙනෙකු ගේ නිත්‍යානුකුල විසා කාලය අවසන්ව ඇති ද සඳහන්. මෙම 50 ස් දෙනාගෙන් එක අයෙකු දැනටමත් සංක්‍රමණ දෙපාර්තමේන්තු වැටලීම් යටතේ අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ පසුවන බව වාර්තාවේ

ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දහස් එකසිය තුන් දෙනෙක් සහභාගිව ඇති අතර තරඟ නිමාවත් සමඟ මෙරටින් පිටව ගොස් ඇතිතේ ඉන් හත්දහස් අටසිය හතලිස් අට දෙනෙකු පමණක් බවද වාර්තාවේ.

සෙනෙට් කමිටුව හමුවේ අදහස් පලකොට සිටි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙලිසා ගෝලයිට්ලි පවසා සිටියේ කිසියම් ම වුනු විසා කාණ්ඩයකට මෙම පිරිස් දැනටමත් අයදුම් කොට ඇතිනම් ඔවුන් හට රැකවරණ වීසා ලැබෙන තෙක් bridging විසා යටතේ මෙරට රැඳී සිටිය හැකි බවයි

මෙලෙස සරණාගත රැකවරණ විසා අයදුම් කර ඇති ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ ඩේවිඩ් මානේ පවසා සිටියේ මින් බොහොමයක් පිරිස් තම මවු රටවලදී විවිද හේතුන් මත තම ජීවිත ආරක්ෂාව පිළිබඳව අවදානමක් සහිත අයවලුන් බවයි.


Share

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now