SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති ගේ ජනප්‍රියත්වය පහත බසී.

The latest Fairfax/Ipsos poll published
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම දේශපාලන සමීක්ෂණයක් වන Fairfax/Ipsos නවතම මත විමසුමට අනුව ලිබරල් සන්ධානය සඳහා ඇති ජනතා කැමැත්ත 39% සිට 33% දක්වා කැපී පෙනෙන ලෙස පහත බැස තිබේ.

ජාතික බලශක්ති වැඩසටහන හේතුවෙන් ලිබරල් සන්ධානයේ ඇතිවූ පක්ෂ අභ්‍යන්තර ආරවුල් මෙයට ප්‍රධාන හේතුවක් වී ඇති බව වාර්තා වේ.

මේ අතර ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton, අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නායකත්වයට අභියෝග කරන බවද මාධ්‍ය තුළින් වාර්තා වන්නට විය.

මේ අවස්ථාව හේතුවෙන් කම්කරු පක්ෂය තම ජනප්‍රියතාව වැඩි කරගෙන ඇති අතර ලිබරල් සන්ධානය හා සසඳන කල 45% ට 55% ක් ලෙස කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටියි.

මේ අතර අගමැති ටර්න්බුල් හට ලැබී තිබුණු කැමැත්ත 57% සිට 48% දක්වා පහත බැස තිබෙන අතර විපක්ෂ නායක බිල් ශෝටන්ගේ ජනප්‍රියතාව 30% සිට 36% දක්වා ඉහළ නැග තිබේ.

කෙසේවෙතත්, අගමැති මැල්කම් ටර්න්බුල් හට කැබිනට් මණ්ඩලයේ පූර්ණ සහයෝගය හිමිවන බව අමාත්‍ය Christopher Pyne පැවසුවේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now